අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බිලියන 1.2 ක වියදමින් යාපනයට සංස්කෘතික මධ්‍යස්ථානයක්

    ජූනි 10, 2014
    ඉන්දීය රජය මඟින් රුපියල් බිලියන 1.2ක් වැය කරමින් යාපනයේ ඉදිකිරීමට යෝජිත සංස්කෘතික මධ්‍යස්ථානය පිළිබඳව අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම ඊයේ  (09) ආර්ථීක සංවර්ධන අමාත්‍යංශයේදී සිදුවිය. 
     
    ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරියේදී ආර්ථික සංවර්ධන අමාත්‍යංශ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා සහ ඉන්දීය මහ කොමසාරිස් වයි.කේ. සිංහා මහතා විසින් මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කරනු ලැබූහ. 
     
    උතුරු පළාත් ජනතාවට සංස්කෘතික සහ කලා කටයුතු සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ඇති කරදීම මෙම සංස්කෘතික මධ්‍යස්ථානය ඉදිකිරිමේ අරමුණ වේ. පුද්ගලයින් 600ක් සඳහා ආසන පහසුකම් සහිත පේ‍්‍රක්ෂකාගාරයක්, සම්මන්ත‍්‍රණ ශාලා, භාෂා විද්‍යාගාර, පුස්තකාල, අධ්‍යයන පාඨමාලා පැවැත්වීමේ පහසුකම් සහ සංස්කෘතික කෞතුකාගාරයකින් මෙම සංස්කෘතික මධ්‍යස්ථානය සමන්විත වේ. 
     
    සංස්කෘතික මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ වාස්තු විද්‍යාත්මක සැලසුම ප‍්‍රවීණ වාස්තු විද්‍යාඥ මධුර පේ‍්‍රමතිලක මහතා විසින් නිර්මාණය කරනු ලැබ ඇත. 
     
    මෙම අවස්ථාවට උතුරු පළාත් ජනාධිපති කාර්ය සාධක බලකායේ ලේකම් එස්.බී. දිවාරත්න, ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම් අනුරාධ කුමාරසිරි, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති භාෂ්වර ගුණරත්න සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.
     
    DB
     
    MP BR JAFFNAAGRIMENT 1
     
    MP BR JAFFNAAGRIMENT 2
     
    MP BR JAFFNAAGRIMENT 3
     
    MP BR JAFFNAAGRIMENT 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya