අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිසරය සම්බන්ධ ඕනෑම ප්‍රශ්නයකට මම 200%ක් පෙනී සිටිනවා

    ජූනි 10, 2014

    පරිසරය සම්බන්ධ ඕනෑම ප්‍රශ්නයකට තමා 200%ක් පෙනී සිටින අතර ඒ සඳහා ජාතික වශයෙන් තිබෙන සියලු ම වැඩ පිළිවෙළවල්වලට තමා එකඟ යැයි වයඹ ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය.


    අමාත්‍යවරයා එසේ පැවසුයේ ඊයේ (09) කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති දිස්ත්‍රික් සංවර්ධන  කමිටු රැස්වීමේදීය.එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, මධ්‍යම රජයේ බලතල බෙදීමට අනුව පළාතේ පරිසර අධිකාරියේ වැඩ කාටවත් කරන්න බෑ. ප්‍රශ්නයක් තියනවා නම් අපේ පරිසර අධිකාරියත් එක්ක සාකච්ඡා කරන්න.

     

    මම අපේ සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා එක්කත් සාකච්ඡා කළා. ඒ මහතා කිව්වෙත් වයඹට අත ගහන්න එපා කියලා. පළාතේ පරිසර ප්‍රශ්නයක් තියනවා නම් ඒක අපි විසඳාගන්නම්. ඒ වගේම පරිසර දූෂණ පාලන අංශයෙන් තමුන්නාන්සේලා අපේ ගල් වලවල්වලින්  රුපියල් 13,500.00 ගානේ ගන්නවා. ඒක වැරදියි. මමත් නිකන් ඉන්නේ නෑ. බෙදපු බලය ආණ්ඩුවට ඕනෙ නම් ගන්න පුළුවන්. කෙසේ වෙතත් ගල් වලවල්වලින් සල්ලි ගන්න එක නතර කරන්න.

    භූ විද්‍යා ආයතනවලින් පරිසර කැනීම්වලට බලපත්‍ර දෙන්න එපා. පරිසරය සම්බන්ධ ඕනෑම ප්‍රශ්නයකට මම 200%ක් පෙනී සිටිනවා. ජාතික වශයෙන් තිබෙන සියලු ම වැඩ පිළිවෙළවල්වලට මම එකඟයි. නමුත් පළාතේ පරිසර අධිකාරියට බලපෑම් ගේන්න එපා . මම ඒ වැඩවල නීත්‍යනුකූල පැත්ත හොඳට දන්නවා. සියලු ම ප්‍රඥප්තීන් 154 G9 වගන්තිය යටතේ තමයි සම්මත වෙන්නේ. බලතල බෙදීම ගැනත් මම හොඳට දන්නවා.

    මෙම අවස්ථාවට දිස්ත්‍රික් කමිටු සම සභාපති අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ජ්‍යෙෂ්ඨ අමාත්‍ය එස්.බී. නාවින්න, අමාත්‍ය සාලින්ද දිසානායක, අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තාරානාත් බස්නායක,  වයඹ පළාත් ප්‍රධාන ලේකම් ජයන්ත විජේරත්න, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් එච්.එම්. හිටිසේකර යන මහත්වරුන් ඇතුළු කුරුණෑගල දිස්ත්‍රික් නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya