අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොසොන් සමයේ දියනෑම නම් කර ඇති ආරක්ෂිත ස්ථානවල පමණයි

    ජූනි 10, 2014

    පොසොන් සමයේ පොලොන්නරුවට පැමිණෙන ජනතාවට නම් කර ඇති ආරක්ෂිත ස්ථාන පමණක් දියනෑම සඳහා භාවිත කරන ලෙස පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා දැනුම් දෙයි.


    මෙවර පොසොන් සමයේ පොලොන්නරුවට අතිවිශාල ජනතාවක් පැමි‍ණෙනු ඇතැයි ද එම ජනතාවට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් පූජා භූමි ආශ්‍රිතව ස්ථිර ලෙස ස්ථාපිත කර ඇති ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.


    ඒ අනුව පොලොන්නරුව සොළොස්මස්ථානය, ඓතිහාසික සෝමාවතී පුදබිම ආශ්‍රිත ප්‍රදේශවලට නව ප්‍රවේශ මාර්ග පහසුකම් සහිතව සනීපාරක්ෂක පහසුකම් සැපයීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි කටයුතු කර ඇති බවත් දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

     

    NDH/WK-BG- dmu polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya