අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුර නැඟුම ව්‍යාපෘතියෙන් හොරොව්පොතානට පහසුකම් රැසක්

    ජූනි 09, 2014

    පුර නැඟුම ව්‍යාපෘතිය යටතේ නව නගර ශාලාවක්, පෙරපාසලක්, දිවා සුරැකුම් මධ්‍යස්ථානයක්, ළමා උද්‍යානයක්, ළමා සායන මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා ගොඩනැගිලි සංකීර්ණයකට මුල්ගල තැබීම හොරොව්පොතානේදී සිදු කෙරිණි.


    රුපියල් ලක්‍ෂ 460ක වියදමෙන් හොරොව්පොතාන පුර නැඟුම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරේ. පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ලබා දී ඇති මූල්‍ය ප‍්‍රතිපාදන මත ඉදිකරන මේ සඳහා උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා විසින් අද (09) මුල්ගල තබන ලදී. 

     

    මේ ව්‍යාපෘතිය යටතේ හොරොව්පොතාන ප‍්‍රාදේශීය සභාවට අවශ්‍ය බර වාහන හා යන්ත්‍රෝපකරණද ලබා දීමට නියමිතය. 

     

     

    මෙහිදී අදහස් දැක් වූ උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා; උතුරු දකුණ හා නැගෙනහිර යාකෙරෙන ප‍්‍රධාන නගරය හොරොව්පොතානයි. කාලාන්තරයක් තිස්සේ ත‍්‍රස්තවාදි භීෂණයෙන් ඇළලී ගිය මේ ප‍්‍රදේශයේ සංවර්ධන කටයුතු ඇණහිට තිබිණ. 2005 වසරේ බලයට පත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා හොරොව්පොතාන මැතිවරණ කොට්ඨාසයේ ත‍්‍රස්තවාදය හේතුවෙන් අඩපණ වී තිබූ සංවර්ධන ව්‍යාපෘති ඇරඹීමට කටයුතු කළ අතර වැව් ප‍්‍රතිසංස්කරණය, මාර්ග කොන්ක‍්‍රීට් කිරීම, විදුලිබලය ලබාදීම, පාසල් ගොඩනැගිලි ඉදිකිරීම, පානීය ජල ව්‍යාපෘති ඇතුළු යටිතල පහසුකම් ගමින් ගමට ආරම්භ කෙරිණි.


    යුද්ධය නිමා කළ ජනාධිපතිතුමා හොරොව්පොතානෙහි සිට රුපියල් කෝටි ගණනක වියදමෙන් නැගෙනහිර ත‍්‍රිකුණාමලය දක්වා මාර්ග නවීකරණය කර කාපට් කිරීමේ කටයුතු ඇරඹූ අතර යාපනය දක්වා මාර්ග කාපට් කිරීමේ කටයුතුද ඇරඹීය. මේ වනවිට හොරොව්පොතාන මැතිවරණ කොට්ඨාසයේ ගොවි ගම්මානයන්හි වැව් හා වාරි පද්ධති ප‍්‍රතිසංස්කරණය වේගවත්ව සිදුවේ. විදුලිබලය ලබාදීම 98%කින් සිදු කරමින් සිටී. ගමේ පාරවල් කාපට් කිරීම අරඹා ඇති අතර ගමින් ගමට දැවන්ත සංවර්ධනයක් සිදුවෙමින් පවතී. මෙම සංවර්ධනයට සමගාමීව හොරොව්පොතාන නගරය අංග සම්පූර්ණ නගරයක් බවට පත්කිරීමේ ව්‍යාපෘතිය අද ඇරඹූ අතර ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය මත උතුර දකුණ හා නැගෙනහිර යා කෙරෙන හොරොව්පොතාන නගරය දැකුම්කළු අංග සම්පූර්ණ නගරයක් බවට පත් කරන බව ද ඔහු සඳහන් කළේය.



    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya