අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නවක ග්‍රාම නිලධාරින් 166කට හෙට සිට මාතලේ පත්වීම්

    ජූනි 09, 2014

    පසුගියදා පවත්වන ලද තරග විභාගයේ ප්‍රතිඵල මත මාතලේ දිස්ත්‍රික්කයට බඳවාගෙන සාර්ථක ලෙස සේවාස්ථ පුහුණුව අවසන් කළ නවක ග්‍රාම නිලධාරින් 166 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය හෙට (10) පෙ.ව. 9.00ට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී සිදු කරන බව මාතලේ දිස්ත්‍රික් ලේකම් හෙලන් ඒ. මීගස්මුල්ල මහත්මිය පැවසුවාය.


    මේ අනුව උකුවෙල 25ක්, නාඋල 17ක්, පල්ලේපොළ 23ක්, ලග්ගල 16ක්, ගලේවෙල 19ක් , දඹුල්ල 09ක් , යටවත්ත 13ක්, රත්තොට 14ක්, විල්ගමුව 11ක්, අඔන්ගඟ කෝරළේ 09ක් සහ මාතලේ 10ක් වශයෙන් පැවැති පුරප්පාඩු සඳහා මෙම නවක ග්‍රාම නිලධාරීන් අනුයුක්ත කරන බව දිසාපතිවරිය පැවසීය.

     

    දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරුන්ගේ  ප්‍රධානත්වයෙන් මේ උත්සවය පවත්වන බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

     

    NDH/GNK-ISB dmu matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya