අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ විමර්ශන කොමිසම මඩකළපුවේ සාක්ෂි විමසීම් නිම කරයි

    ජූනි 09, 2014

    අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම සිය හතරවන වටයේ මහජන සාක්ෂි විමසීම අද මඩකළපුවේ දී අවසන් කළ අතර පුද්ගලයන් 195 දෙනෙක් කොමිසම ඉදිරියේ සිය සාක්ෂි සටහන් කළහ.


    ගත වූ දින හතර ඇතුළත නව පැමිණිලි 216ක් ද කොමිසමට ලැබුණි. 1990 ගණන්වලදී දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (එල්.ටී.ටී.ඊ.) විසින් මඩකළපුවේ තිරුක්කල්මඩම් හි දී සිදු කළා යැයි පැවසෙන මුස්ලිම් වැසියන් 163 දෙනාගේ ඝාතනයට සම්බන්ධ සාක්ෂි ද කොමිසම විසින් මෙහි දී ලේඛනගත කරනු ලැබිණි.

    ජූනි 6 හා 7 කාත්තන්කුඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ද ජූනි 8 හා 9 මන්මුනෙයිපත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී ද මහජන හමු පැවැත්වුණි.කොමිෂන් සභාව විසින් පසුගිය ජනවාරි, පෙබරවාරි, මාර්තු මාසවල දී පිළිවෙළින් කිළිනොච්චියේ, යාපනයේ හා මඩකළපුවේ දී සිය මහජන හමු පවත්වන ලදී. ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ ඥාතීන්ගෙන් ලද පැමිණිලි 5,000ක් පමණ ඇතුළුව කොමිසමට මේ වනවිට ලැබී ඇති පැමිණිලි ගණන 18,590කි. කොමිසම විසින් පැමිණිලිකරුවන් 462 දෙනෙකුගෙන් සාක්ෂි ලබාගෙන ඇති අතර එම සාක්ෂි ස්වාධීන පරීක්ෂණ කණ්ඩායමක් මගින් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා විශ්ලේෂණය කෙරෙමින් පවතී.

    2013 අගෝස්තු 14 වන දා ජනාධිපතිතුමා විසින් පත් ලද කොමිසමට මූලිකව 1990 සිට 2009 මැයි 19 දක්වා සිදු වූවා යැයි පැවසෙන පැහැරගැනීම් හෝ අතුරුදහන් කිරීම පිළිබඳ විමර්ශනය කිරීමේ වරම හිමි විය. මේ වසරේ මාර්තු මාසයේ දී කොමිසමේ ඉල්ලීම පරිදි එහි විමර්ශන කාල සීමාව 1983 සිට 2009 දක්වා ආවරණය වන සේ සංශෝධනය කරන ලදී.

    සිය ක්‍රියාකාරකම් පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම සඳහා කොමිසම විසින් මෑතකදී සිය වෙබ් අඩවිය දියත් කරන ලදී. www.pcicmp.lk ලිපිනයෙන් මෙම වෙබ් අඩවියට පිවිසිය හැකිය.අතුරුදහන් වූ පුද්ගලයන්ගේ කොමිසම උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ 9.51 ආමන්ත්‍රණය කරයි. “අතුරුදන්වූවන් පිළිබඳ චෝදනා විමර්ශනය කර ඒ පිළිබඳ අදාළසේ අපරාධ නඩු පැවරීම පිණිස විමර්ශන කොමසාරිස්වරයෙකු පත් කිරීම. තොරතුරු එක් රැස් කර ඒවා සකස් කිරීම සඳහා පළපුරුදු විමර්ශන නිලධාරීන් කොමසාරිස්තුමාගේ කාර්යාලය වෙත ලබා දීම” යනුවෙන් නිර්දේශ 9.51 සදහන් වේ.

    කොමිසමේ මීළඟ මහජන හමුව කිළිනොච්චියේ දී පැවැත්වීමට නියමිතය.
    මුලාශ්‍රය - අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාව

    Hc_dmu_batticaloa

    pix - LT
    bat4

    Batti News-1

    Batti News--2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya