අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහජන සේවකයන්ය යන හැඟීමෙන් රජයේ සේවකයන් සේවය කළ යුතුයි

    ජූනි 09, 2014
    රජයේ සේවකයන් ලෙස අප සියලුදෙනාම මහජන සේවකයන්ය යන හැඟීමෙන් ජනතාවට සේවය කළ යුතු බව පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා පැවසීය.


    දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව පැවසුවේ අද (09) පෙරවරුවේ "සත්කාරක සමාජයක් ගොඩනගමු" මැයෙන් සමාජසේවා දෙපාර්තමේන්තුව සංවිධානය කරන ලද වැඩමුළුවක් අමතමිනි.

     

    ජනතාවට සේවය කිරීම වගකීමක් නො ව යුතුකමක් සේ සලකා ග්‍රාමීය මට්ටමේ පිහිටක් අවශ්‍ය ජනතාවට උපරිමයෙන් සේවය සැලසීමට අදිටන් කර ගත යුතු බව පැවසූ දිස්ත්‍රික් ලේකම්වරයා නිදහසට නොයෙක් කරුණු ඉදිරිපත් කර වගකීමෙන් නිදහස් විය හැකි මුත් යුතුකමින් එසේ නිදහස් විය නොහැකි බව ද සඳහන් කළේය.
     

    සේවාවක් සපයා ගැනීම සඳහා තමන් වෙත පැමිණෙන දුකට පත් ජනතාව තව තවත් පීඩාවට පත් නොකොට උපරිම ලෙස තම සේවාව කැපවන ලෙස ද ඒ සඳහා රාජ්‍ය සේවකයන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට පවත්නා රජයන් කටයුතු කරන බව ද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

     

    ගම් මට්ටමින් මහජනතාවගේ ප්‍රශ්න හා දුක් ගැනවිලි සොයා බලා ඒවාට විසඳුම් ලබාදීමේ දී සමාජසේවා දෙපාර්තමේන්තුව, ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය හා පළාත් සභාව යන ආයතන ඒකාබද්ධ ප්‍රවේශයන් තුළින් කඩිනම් හා ස්ථිරසාර විසඳුම් ලබාදීමට ඇති හැකියාව පිළිබඳ ප්‍රාදේශීය ලේකම්වරුන්, සමාජසේවා හා සුබසාධනය වෙනුවෙන් කටයුතු කරන ක්ෂේත්‍ර නිලධාරීන් දැනුවත් කිරීමේ අරමුණින් මේ වැඩමුළුව පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. 
     
    NDH/WK-BG-dmu polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya