මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර රැසක් හෙට සහ අනිද්දා සිසු අයිතියට

    ජූනි 09, 2014
    මැල්සිරිපුර, මැදමුල්ල ද මෙල් නවෝද්‍යා පාසලේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පත්කිරීම හා තාක්ෂණික විද්‍යාපීඨයට මුල්ගල තැබීම හෙට (10) පෙරවරු 8.00ට සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ දහසක් වැඩසටහන්හි අධ්‍යාපන අධ්‍යක්ෂ පියසේන මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.


    අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන හා දේශීය වෛද්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් මෙය සිදුකිරීමට නියමිතය.

     

    මෙදිනම පස්වරු 3.00ට ජනාධිපති  මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මැදිරිගිරිය මධ්‍ය මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය හා සෞඛ්‍යාරක්ෂිත ජල පිරිපහදු ඒකකය සිසු අයිතියට පත්කිරීමට ද නියමිතය.

     

    මීට අමතරව මේ විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යා පීඨයට මුල්ගල තැබීමත් සිදු කරන අතර මේ සඳහා අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ද සහභාගි වනු ඇත.

     

    පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ ඉදිකරන ලද මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය, විද්‍යාල පරිපාලන ගොඩනැගිල්ල හා ප්‍රධාන ශ්‍රවණාගාරය සිසු අයිතියට පත් කිරීමත් මහින්දෝදය තාක්ෂණ විද්‍යා පීඨයට මුල්ගල තැබීමත් අනිද්දා (11) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

     

    මේ අවස්ථාවට අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, මෛත්‍රීපාල සිරිසේන, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චන්ද්‍රසිරි සූරියාරච්චි හා සිරිපාල ගම්ලත් යන මහත්වරුන් ද සහභාගි වනු ඇත.

     

    මෙදින ම රත්නපුර කරවිට මධ්‍ය මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පත්කිරීම හා මහින්දෝදය තාක්ෂණ විද්‍යා පීඨයට මුල්ගල තැබීම විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර  මහතාගේ ආරාධනයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

     

    කලවාන ජාතික පාසලේ තාක්ෂණ විද්‍යා පීඨයට මුල්ගල තැබීම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා මන්ත්‍රී ජානක වක්කුඹුර මහතාගේ සහභාගිත්වයෙන් ලබන 11 වෙනි දින සිදු කිරීමට නියමිතය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya