මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත්ස්‍ය අපනයනයේ සුවිශේෂී වර්ධනයක් - මාස 4ට ඩොලර් මිලියන 95ක විදේශ විනිමය රටට

    ජූනි 09, 2014
    2014 මුල් කාර්තුවේදී ශ‍්‍රී ලංකාවේ මත්ස්‍ය අපනයනය සියයට 20ක වර්ධනයක් පෙන්වන බවත් ඒ අනුව මත්ස්‍ය අපනයනයෙන් උපයා ඇති මුදල ඇමරිකන් ඩොලර් මිලියන 95.68ක් හෙවත් රුපියල් බිලියන 12.384ක් බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.


    මේ තත්ත්වය කෘෂිකාර්මික අංශයේ අපනයනයන් අතර ඉදිරියෙන්ම සිටින අතර කෘෂි අපනයනය සියයට 19ක වර්ධනයක් ද, තේ අපනයනය සියයට 14.4ක වර්ධනයක්ද පෙන්වයි. එසේම ගෙවී ගිය 2014 මුල් කාර්තුව තුළ ඇඟලුම් අපනයනයේ වර්ධනය සියයට 21කි.

     

    වාර්ෂික මත්ස්‍ය අපනයනයද ගෙවී ගිය වසර 4ක කාලය තුළ ක‍්‍රම ක‍්‍රමයෙන් වර්ධනය වී තිබේ. එයින් උපයාගන්නා ලද ආදායමද ඉහළ ගොස් ඇත. මේ අනුව 2010 මුල් කාර්තුව තුළ මත්ස්‍ය අපනයන ආදායම රුපියල් මිලියන 5,710ක් වූ අතර එය 2011දී රුපියල් මිලියන 6,850ක් දක්වා වර්ධනය වී තිබේ. එසේම 2012දී මුල් කාර්තුවේදී මත්ස්‍ය අපනයන ආදායම රුපියල් මිලියන 9,009ක් වූ අතර එය 2013 මුල් කාර්තුවේදී රුපියල් මිලියන 10,187 දක්වා වර්ධනය වී ඇතැයි ධීවර අමාත්‍යාංශය පෙන්වා දෙයි.


    වාර්ෂික මත්ස්‍ය අපනයනයද ගෙවීගිය වසර 3 තුළ ක‍්‍රමානුකුලව වර්ධනය වී තිබේ. 2011 වසරේදී මත්ස්‍ය අපනයනයෙන් ලද ආදායම රුපියල් මිලියන 21,876ක් විය. එය 2012දී රුපියල් මිලියන 26,363ක් දක්වාත්, 2013දී රුපියල් මිලියන 31,792ක් දක්වාත් ක‍්‍රමානුකුලව වර්ධනය වී ඇත. මේ තත්ත්වය තවදුරටත් වර්ධනය කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පියවර ගෙන තිබෙන අතර 2015 වසර අවසාන වන විට මත්ස්‍ය අපනයනයෙන් රුපියල් මිලියන 40,000කට වැඩි විදේශ විනිමයක් ඉපයීමට අපේක්‍ෂා කෙරේ. 2016 වන විට මෙරට ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම ලෙස මත්ස්‍ය අපනයනයෙන් රුපියල් මිලියන 50,000කට වැඩි මුදල් ප‍්‍රමාණයක් උත්පාදනය කිරීමට ද සැලසුම් කර තිබෙන බව ද අමාත්‍යාංශය පැවසීය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya