මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුඩා තේ වතු ඇතුළු කර්මාන්ත සුරැකීමට හා සංවර්ධනයට පියවර ගන්නවා

    ජූනි 09, 2014

    කුඩා තේ වතු ඇතුළු කර්මාන්ත ආරක්ෂා කිරීමටත් ඒවා සංවර්ධනය කිරීමටත් අවශ්‍ය සෑම පියවරක්ම ගැනීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය පියවර ගන්නා බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කුඩා තේ වතු කර්මාන්තය, කෘෂි කර්මාන්තය ඇතුළු සියලු කර්මාන්ත සඳහා ගැටලු මතු වූ සෑම අවස්ථාවකම රජය මැදිහත් වී කටයුතු කළ බවය.


    බදුල්ල දිස්ති‍්‍රක්කයේ කුඩා තේ වතු හිමියන්ට 2014 අය-වැය යෝජනාව අනුව ජලය සහ පස සංරක්ෂණය කිරීම සඳහා වෙන් කළ මූල්‍ය ප‍්‍රදානයන් ලබාදීම සඳහා පසුගිය දා හාලි ඇළ ජාතික පාසල් ශාලාවේදී පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.වැවිලි කර්මාන්ත අමාත්‍යංශය සහ කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය එක්ව මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර ප‍්‍රතිලාභීන් 924ක් සඳහා මෙහිදී මූල්‍යාධාර ප‍්‍රදානය කිරීම සිදුවිය.
     
    ජනාධිපතිතුමන් විසින් 2014 අයවැය යෝජනාව තුළින් කුඩා වතු ආර්ථිකය නමින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අනුව මෙම මූල්‍ය ප‍්‍රදානයන් සිදු කරනු ලබයි. මේ සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කර ඇති අතර මෙම මුදල ලබා දෙනුයේ ජලය සහ පස සංරක්ෂණය කිරීම සඳහාය. "තේ වගාවේ රන් අස්වැන්නකට ජලය සහ පස සුරකිමු" යන්න මෙම වැඩසටහනෙහි තේමාව වේ.
     
    මේ යටතේ තේ අක්කරයක් සඳහා පිරිනමනු ලබන මුළු මුදල රුපියල් 5000කි. එයින් රුපියල් 2500ක් ප‍්‍රථම පියවර යටතේ පිරිනමනු ලබන අතර ඉතුරු රුපියල් 2500 අදාළ වැඩකොටස් අවසන් කිරීමෙන් පසුව ලබා දේ. එහි මුල් පියවර වශයෙන් තේ අක්කර 2ට අඩු කුඩා තේ වතු හිමියන් සඳහා මෙම සහනාධාරය ලබාදීමට නියමිතය.
     
    බදුල්ල දිස්ත‍්‍රික්කයේ කුඩා තේ වතු හිමියන් ප‍්‍රමාණය 20,656ක් වන අතර  කුඩා තේ වතු ලෙස වගා කර ඇති ඉඩම් කැබලි ප‍්‍රමාණය 29,942කි. එය ප‍්‍රමාණයෙන් හෙක්ටයාර 8800ක් වේ.  බදුල්ල දිස්ත‍්‍රික්කයේ තේ කර්මාන්ත ශාලා 63ක් ඇති අතර දිස්ත‍්‍රික්කයේ කුඩා තේ වතු හිමියන් 20,358 දෙනකුට මෙම ආධාර මුදල් ලබාදීමට නියමිතය.
     
    නාය යෑම්, පස් කඳු කඩා වැටීම්, ගංවතුර, නියඟ වැනි ස්වාභාවික විපත් මොන තරම් දියුණු රටකට වුවත් වැලැක්විය නොහැක. අතිගරු ජනාධිපතිතුමා තේ වගාවේ රන් අස්වැන්නකට ජලය සහ පස සුරකිමු, යන තේමාව යටතේ ආරම්භ කළ මෙම වැඩසටහන මඟින් පරිසරය හා බැඳෙමින් ස්වාභාවික විපත් අවම කර ගැනීමටත්, තේ ගොවීන්ට තම ආර්ථික ශක්තිය වර්ධනය කර ගැනීමටත් හැකි වන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
               
    අප රටේ තේ සඳහා විදේශවල හොඳ ඉල්ලුමක් තිබුණද රට රටවලට බලපාන දේශපාලන හා ආර්ථික තත්ත්වයන් තේ මිල තීරණය සඳහා බලපෑම් සිදු කරන බවත් පැවසූ රාජපක්ෂ මහතා එම අහිතකර බලපෑම් මඟින් කුඩා තේ වතු හිමියන්ට බලපෑම් එල්ල වීමට ඉඩ නොතැබීමට රජය පියවර ගන්නා බව කීය.
     
    මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ඩිලාන් පෙරේරා, නියෝජ්‍ය අමාත්‍ය අර්ල් ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත් සංජය ලොකු බණ්ඩාර, කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති නොයෙල් පත්මසිරි මහත්වරු ද කුඩා තේ වතු හිමියන් විශාල පිරිසක් ද එක්ව සිටියහ.

    DB

     

    MP BR BADULLA GAMAKIN GAMAKATA 1

     

     

     

    MP BR BADULLA GAMAKIN GAMAKATA 3

    MP BR BADULLA GAMAKIN GAMAKATA 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya