නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට විශ්‍රාම වැටුපක්

    දෙසැම්බර් 17, 2015
    ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට විශ්‍රාම වැටුප් ක්‍රමයක් සැකසීම කෙරෙහි සබරගමු පළාත් සභාවේ අවධානය යොමුව ඇතැයි සබරගමු පළාත්  ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා පවසයි. 
    ප්‍රධාන අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශය කලේ පසුගියදා රත්නපුර සමුදි උත්සව ශාලාවේ පැවැති කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සදහා සබරගමුව පළාත් සභාව විසින් ලබාදෙන නිදහස් ගමන් බලපත්‍ර ලබාදීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතා ලෙස සහභාගි වෙමිනි.
     
    මෙහි දී තවදුරටත් අදහස් දැක් වූ ප්‍රධාන අමාත්‍යවරයා  “ මාධ්‍යවේදීන් වශයෙන් ඔබතුමන්ලාට ගැටළු තිබෙන්න පුළුවන්. රටට විශිෂ්ට සේවයක් කරන ඔබතුමන්ලා වෙනුවෙන් තව තවත් සේවය කිරීමට පළාත් සභාවක් විධියට අපේක්ෂා කරනවා. නිදහස් ගමන් බලපත්‍ර භාවිතා කිරීමේදී විවිධ ගැටළු මතුව තිබෙනවා. ඒ පිළිබදව බස් හිමියෝ දැනුවත් කිරීමට අපි කටයුතු කරනවා යයිද පැවසීය.
     
    මෙම අවස්ථාවට ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් බී.එන්.පී.එන් බෙලිගම්මන,සබරගමුව මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සභාපති නීතිඥ දිනේෂ් ජයවර්ධන,සමාන්‍යාධිකාරි අනුරුද්ධ බංඩාර යන මහත්වරු ද සහභාගි වී සිටියහ.
     
    AP/DMU-Kegalle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya