නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික සංහිඳියාව ඇති කිරීමට උතුරේ අය දකුණටත් දකුණේ අය උතුරටත් දුම්රිය ස්ථානාධිපතිවරු ලෙස යවනවා

    දෙසැම්බර් 17, 2015

    - ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද  සිල්වා මහතා


    රටේ ජාතික සංහිඳියාව ඇති කිරීමට අද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත් එක්වෙලා තිබෙන බැවින් එලෙසම ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස මාගේ අමාත්‍යාංශය තුළ ජාතික සංහිඳියාව ඇති කිරීමට කටයුතු කරන බවත් ඒ අනුව අද උතුරු නැගෙනහිර ප්‍රදේශ වලින් පත්වීම් ලබන දුම්රිය ස්ථානාධිපතිවරුන් දකුණටත්, දකුණු ප්‍රදේශ වලින් පත්වීම් ලබන දුම්රිය ස්ථානාධිපතිවරු උතුරු නැගෙනහිර පළාත් වල සේවයටත් යෙදවීමට දුම්රිය සාමානයාධිකාරීවරයාට උපදෙස් ලබාදෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය  නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

    අමාත්‍යවරයා මෙම කරුණු අවධාරණය කළේ වසර ගණනාවක් දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පුරප්පාඩුව පැවති දුම්රිය ස්ථානාධිපතිවරුන් 290 දෙනෙකුට නව පත්වීම් ලබාදීම සඳහා පසුගියදා (15) දුම්රිය මූලස්ථාන ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකදීය.

     

    තවදුරටත් කරුණු දැක්වු අමාත්‍යවරයා,

     

    “අද දුම්රිය සේවය නංවන්න එළියෙ ඉදන් උපදෙස් දෙන්න ඕනතරම් උපදේශකවරු මහාචාර්යවරු ඉන්නවා. නමුත් ප්‍රායෝගිකව ඒවා කරන්න කවුරුවත් නැහැ. වසර ගණනාවක් තිස්සේ ඇමතිවරුන් ප්‍රවාහන අමාත්‍යාංශයට පත්වුණා. ඒත් මේ දුම්රිය දෙපාර්තමේන්තුව තුළ ඇතිවෙලා තිබු මානව සම්පත් හිඟය පිරවීමට කිසිම පියවරක් ගෙන තිබුනෙ නැහැ. නිළධාරීනුත් එහෙමමයි. ඇමතිවරු කියන ඕනෑම දෙයකට ඔලුව නමාගෙන වැඩකරගෙන හිටියා. ඇමතිවරයා ලෙසට මම දෙයක් කිව්වත් හරි නම් කරන්න වැරදි නම් කරන්න එපා කියලයි මම නිලධාරීන්ට කියන්නෙ.

     

    අද දින පත්වීම් ලබන දුම්රිය ස්ථානාධිපතිවරුන් වන ඔබලා දුම්රිය ස්ථානය වෙත පැමිණෙන මගීන් වෙනුවෙන් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම පමණක්ම ඔබගේ රාජකාරිය ලෙස සලකන්න එපා. දුම්රිය ස්ථානය ආකර්ශනීය ලෙස පවත්වාගෙන යාමත්, මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් කටයුතු කල යුතුයි. දුම්රිය දෙපාර්තමේන්තුවට නව ක්‍රමෝපායන් තුළින් ආදායම් ලැබෙන අයුරින් දුම්රිය ස්ථානය හා ඒ අවට පවත්වා ගැනීම ඔබගේ රාජකාරියේම කොටසක් ලෙස හිතලා කටයුතු කරන්න.


    වෙළඳ ප්‍රචාරණ කටයුතු, රථගාල්, ආපනශාලා පවත්වා ගැනීම සඳහා ඉඩකඩ සලසා දීම ආදිය තුළින් අපට ආදායමක් ලැබෙනවා සේම, දුම්රිය මගීන්ට ද එය විශාල පහසුවක් ඒ වගේම දුම්රිය ධාවනය සඳහා දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් සමඟ මනා සන්නිවේදනයක් ගොඩනගාගත යුතු බවද, ඔබගෙන් සිදුවන සුළු ප්‍රමාදය හෝ සමස්ත මගී ජනතාවටම බලපාන බව ද ඔබ මතක තබා ගත යුතුයි. විශේෂයෙන් ගුණාත්මක මගී ප්‍රවාහන සේවාවක් පවත්වාගෙන යාමට ඔබත් උපරිම අයුරින් දායකවීම ඔබගේ යුතුකමක්.” යැයිද පැවසීය.

     

    මෙම පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට ප්‍රවාහන හා සිවිල් ග්‍රවන් සේවා නියෝජව්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, අමාත්යාංශ ලේකම් නිහාල් සෝමවීර සහ දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.පී. ආරියරත්න යන මහත්වරුන් ඇතුළු  නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya