කොළඹ දිස්ත්රික්කය තුළ පෝෂණය සදහා වන ක්රියාකාරී සැලැස්මක් දිස්ත්රික් මට්ටමින් ක්රියාත්මක කිරීම,පෝෂණ වැඩසටහන් දිස්ත්රික්කය තුළ සංවිධානය කිරීම, ප්රාදේශීයව හා ග්රාමීය ව පෝෂණ කමිටු ස්ථාපිත කිරීම,වැඩිහිටියන්, තරුණයින් ,ළමයින් අතර පෝෂණය පිළිබද දැනුම කුසලතා ආකල්ප වර්ධනය කිරීම, රාජ්ය නොවන සංවිධාන, සිවිල් සංවිධාන, ඒකාබද්ධව සමාජය සවිබල ගැන්වීමේ වැඩසටහනක් දියත් කිරීම,සංවර්ධන වැඩසටහන් වලදී ගෘහ ඒකක සදහා ප්රමුඛතාවය ලබා දීම, මෙම වැඩසටහන යටතේ කොළඹ දිස්ත්රික්කය තුළ ක්රියාත්මක කිරීමට අපේක්ෂිතය.
ජනාධිපති ලේකම් කාර්යාලයේ, ජාතික පෝෂණ ලේකම් කාර්යාලය විසින් මෙම වැඩසටහන දිවයින පුරාම ක්රියාත්මක කරයි. ජාතික පෝෂණ ලේකම් කාර්යාලයේ මෙහෙයවීම මත කොළඹ දිස්ත්රික් ලේකම් කාර්යාලයේ සැලසුම් අංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.
AP/DMU-Colombo