නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහජනතාවගේ මුදල් සමග දේශපාලඥයින් සෙල්ලම් නොකළයුතුයි -අමාත්‍ය එස්. බී. දිසානායක

    නොවැම්බර් 13, 2015
    සමෘද්ධි සහ දිවිනැගුම බැංකුවල තිබෙන්නේ මහජනතාවගේ මුදල් බැවින් ඒවා සමග දේශපාලඥයින් සෙල්ලම් නොකළයුතු බවත් එම මුදල් යොදාගෙන ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට සැලසුම් සකස් යුතු බවද සමාජ සවිබල ගැන්විම සහ සුභසාධන අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පැවසීය.
    අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කලේ පසුගියදා  මාතලේ සංචාරක ප්‍රවර්ධන සංකිර්ණයේ පැවැති සමෘද්ධි ලොතරැයි ජයග්‍රහකයින් සඳහා ත්‍යාග ලබා දිමේ අවස්ථාවට එක් වෙමිනි.
     
    සමෘද්ධි ව්‍යාපාරය නිවැරදි ගණ පිහිටුවා සකස් කර ඇති බවද එය වෙනස් කිරීමට කටයුතු කරන්නන්ගේ ඉරණම ශෝචනීය වන බව ද පැවසු අමාත්‍යවරයා විශේෂ කැබිනට් පත්‍රිකාවක් මඟින් නැවතත් එය සමෘද්ධී දෙපාර්තමේන්තුව වශයෙන් නම් කරන බවද පැවසීය. මෙම ව්‍යාපාරය යටතේ ඇති කෝටි 100 පමණ වන බැංකු අරමුදල් මෙන්ම චක්‍රීය අරමුදල්,  නිවාස අරමුදල්  මහජනතාවගේ ජීවන තත්වය නඟා සිටුවිමට යොදා ගත යුතු බවද  සදහන් කරන අමාත්‍යවරයා ඒවා 6%ක පොලියට වාණිජ බැංකුවල තැන්පත් කිරිම අපරාදයක් බවද පැවසීය. 
     
    1980 ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිපත්කළ මාතෘ මරණ,ළදරු මරණ හා මන්ද පොෂණ වර්තාව සැලකිල්ලට ගෙන සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ කරන විට අපේ රටේ දුප්පත්කම 26% කි. අද එය 6% දක්වා පහළ බැස තිබේ. එහෙත් තවමත් රටේ ජනගහනයෙන් 3% කට විදුලි පහසුකම් නොමැති බැවින් ඒ සඳහා ඔවුනට විදුලිය ලබා ගැනිමට සමෘද්ධි බැංකුව හරහා ණය ආධාර ලබා දෙන බවද පැවසීය. 
     
    සමෘද්ධි නිලධාරියා ගමේ මරණේදීත් මගුලේදිත් නිරතුරුවම සිටිය යුතු බවත් ඒ සදහා පැය 24 ම ගමේ සිටිය හැකි පරිදි තමා කැමති ස්ථානයකට ස්ථාන මාරුවිම් ලබා දෙන බවද පැවසීය.ගමේ මිනිසුන්ගේ විවිධ උවමනාවන් සදහා ණය සහ ආධාර ලබා දිමට ප්‍රාදේශිය ලේකම්වරුන් යටතේ මුදල් සංචිත රඳවා තබන බවත් සමෘද්ධී නිලධාරියා නිර්දේශ කරන්නේ නම් ඉතා කඩිනමින් ඒවා අදාල පුද්ගලයින්ට මුදා හැරිය යුතු බවද පැවසීය.
     
    මෙහිදි වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යය වසන්ත ලක්ෂ්මන් පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණි කවිරත්න, මාතලේ දිස්ත්‍රික් ලේකම් නීල් ද අල්විස්, මාතලේ දිස්ත්‍රික් දිවිනැගුම අධ්‍යක්ෂ කේ.ඩී. වික්‍රමසූරිය යන මහත්ම මහත්මීන් ද කතා කළහ.
     
    දිවිනැගුම නිවාස සංවර්ධන ලොතරැයියේ ජයග්‍රහකයින්ට චෙක්පත් බෙදා දිම ,දිවි නැගුම හොඳම ව්‍යවසායකයන්ට උපකරණ කට්ටල බෙදා දීම සහ දිවිනැගුම බැංකුවල අවුරුදු ගණුදෙනුවලදී වැඩිම මුදල් රැස්කර නිලධාරින්ට  ඇගයිමට ලක් කිරීම සිදු කරන ලදී 
     
    AP/DMU-Matale
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya