නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සී ෂෙල් රාජ්‍යයේ, හෙද, ගුරු, ඉදිකිරීම් රැකියා රැසක්

    නොවැම්බර් 03, 2015

    ශ‍්‍රී ලංකාවේ සීෂෙල් තානාපති Philipe Le Gall මහතා හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ඊයේ (02) විදේශ රැකියා අමාත්‍යංශයේදී හමුවූ අතර එහිදී ඉදිරියේදී දෙරට අතර විදේශ රැකියා සම්බන්ධයෙන් ගිවිසුමක් අත්සන් කිරීම සම්බන්ධව සාකච්ඡා කෙරිණි.

    ඒ අනුව, සීෂෙල් රාජ්‍යයේ හෝටල්, ඉදිකිරීම්, හෙද හා ගුරු වෘත්තිය ආශ‍්‍රීත රැකියා අවස්ථාවන් මේ හරහා ඉදිරියේදී ශ‍්‍රී ලංකාවට ලැබෙනු ඇත. සීෂෙල් රාජ්‍යයේ කම්කරු අමාත්‍යංශය හා විදේශ රැකියා අමාත්‍යංශය අතර මෙම ගිවිසුම ඇති කර ගැනීමට නියමිත අතර ඒ හරහා මෙරටට ආර්ථිකමය වාසියක් ලබාගැනීමට හැකිවන බව තානාපතිවරයා සඳහන් කළේය.

     

    මෙම අවස්ථාවට තලතා අතුකෝරළ මහත්මිය සමඟින්, විදේශ රැකියා අමාත්‍යංශයේ ලේකම් ජී.එස්.විතානගේ, විදේශ රැකියා ඒජන්සියේ සභාපති ලක්‍ෂමන් අබේගුණරත්න, විදේශ රැකියා අමාත්‍යංශයේ උපදේශිකා පත්මිණි රත්නායක යන මහත්ම මහත්මීන් ද සහභාගි වූහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya