නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාන්තාවන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් මාතර දී

    නොවැම්බර් 02, 2015
     
    මාතර දිස්ත්‍රික්කයේ කාන්තාවන් සවිබල ගැන්වීම සදහා දිස්ත්‍රික්කයේ කාන්තා බලමණ්ඩල ශක්තිමත් කිරීමේ අරමුණින් 
    කාන්තාවන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් මාතර දිස්ත්‍රික් ලේකම් ඊ. ඒ.සී. විදානගමාච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් 
    පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
    නායකත්ව ගුණාංග වර්ධනය, නායකයෙකු වැඩි දියුණු කළයුතු කුසළතා හා කණ්ඩායම් තුළ නායකයාගේ වගකීම හා අභිප්‍රේරණය, පෞරුෂත්ව වර්ධනය හා කාන්තාවන්ට ඇති අභියෝග වලට මුහුණදීම, පොදු හා පෞද්ගලික ජීවිතයේ දී 
    ගැටුම් අවම කර ගන්නේ කෙසේ ද? යන්නත් කාන්තාවන්ට අදාළ වන නීතිය පිළිබදවත් දැනුම්වත් කිරීම 
    (කුට්ටනය,හිංසනය,දික්කසාද හා නඩත්තු)  පිළිබදව මෙහිදී දේශන පවත්වන ලදි.
     
    මෙම වැඩසටහන සදහා සම්පත් දායකයින් වශයෙන් රුහුණ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ඒ.කේ.ජී. ජයසිංහ මහතා, මාතර කාන්තා පිහිට ආයතනයේ නීතිඥ ස්වර්ණපාලි මහත්මිය හා මාතර දිස්ත්‍රික් මුල් ළමාවිය 
    සංවර්ධන නිලධාරී මහේෂ් ප්‍රීති කුමාර මහතා සහභාගි වූහ.
     
    මේ අවස්ථාවට කාන්තා බලමණ්ඩල නියෝජනය කරමින් කාන්තාවන් 100 ට අධික ප්‍රමාණයක් සහභාගි වූහ.
    මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා කාන්තා කටයුතු අමාත්‍යංශයේ ශ්‍රී ලංකා කාන්තා කාර්යංශය එක්ව මෙම දැනුම්වත් 
    කිරීමේ වැඩසටහන සංවිධානය කර ඇත.
     
    AP/DMU-Matara
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya