නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරින්ට කාර්යාල ක්‍රම ගැන පුහුණුවක්.

    ඔක්තෝබර් 28, 2015
     
    කාර්යාල ක්‍රම සහ ලිපි ගොනු නඩත්තු කිරීම පිළිබද මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල‍යේ නිලධාරින් සදහා පුහුණු වැඩ සටහනක් නොවැ. මස 05 සහ 06 යන දිනයන්හි පැවැත්වීමට මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර මහතා සැළසුම් කර ඇත. 
    කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ලබා දීමේ අරමුණින් පැවැත්වෙන මෙම වැඩමුළුවට මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටි සෑම රජයේ කාර්යාලයකම සංවර්ධන නිලධාරීන් සහ රාජ්‍ය කළමනාකරණ සහකාර නිලධාරීන් මේ සදහා සහභාගී වීමට නියමිතය. ඒ අනුව වැඩමුළුවේ පළමු දිනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගා‍රයේදීත්, දෙවැනි දිනය කටුගස්තොට රාජ්‍ය සේවා පුහුණු ආයතනයේදීත් පැවැත්වෙනු ඇත.
     
    මෙම පුහුණු වැඩමුළුවෙන් පසු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සෙසු නිලධාරීන්ටද ඉදිරි දිනවලදී කණ්ඩායම් වශයෙන් ‍පුහුණුව ලබා දීමට සැළසුම් කර තිබේ.
     
    AP/DMU-Kandy
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya