නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිගන, වික්ටෝරියා/කොත්මලේ ව්‍යාපෘතියේ විකල්ප වාණිජ ඉඩම් සඳහා දීමනා පත්‍ර ලබාදීමට පියවර

    ඔක්තෝබර් 24, 2015

    මහවැලි ව්‍යාපාරය යටතේ වූ වික්ටෝරියා ජලාශ ව්‍යාපෘතිය, කොත්මලේ ජලාශ ව්‍යාපෘතිය සහ පොල්ගොල්ල ජලාශ ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු හේතුවෙන් ව්‍යාපාර අහිමි වූවන්ට විකල්ප වාණිජ ඉඩම් සඳහා දීමනා පත්‍ර ලබාදීම සඳහා රජය තීරණය කර ඇත.

    මෙම  ව්‍යාපාර අහිමි වූවන් සඳහා මෙතෙක් කාලයක් දීර්ඝ කාලීන බදු පදනම යටතේ නව සංවර්ධන ප්‍රදේශවල එනම් කරල්ලියද්ද, රජවැල්ල, කුණ්ඩසාලේ නව නගරය, හාරගම, ගුරුදෙණිය, කොළොන්ගස්වත්ත, අඹකොටේ/අලුත්වත්ත, කොත්මලේ නව නගරය සහ කටුගස්තොට නවනගරය තුළ ලබා දී තිබූ විකල්ප වාණිජ ගොඩනැගිලි සහිත ඉඩම් හා විකල්ප වාණිජ ඉඩම් මේ වන විට එම බදු කාල සීමාවන් අවසන් කර ඇත.

     

    එකී ව්‍යාපාර වඩාත් ස්ථාවර පදනමකින් පවත්වාගෙන යාමට හැකි වන ලෙස එම දේපළ භුක්තිවිඳින නීත්‍යනුකූල හිමිකරුවන් සියලු දෙනාට බදු පදනම මත අදාළ ඉඩම් ලබා දෙනු වෙනුවට එකී ඉඩම් තක්සේරු වටිනාකම අය කර දීමනා පත්‍ර ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

     

    මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබුණි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya