මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී හිටිසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පේරාදෙණිය ගන්නෝරුව ජාන සම්පත් මධ්‍යස්ථානයේ පැවති මහනුවර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේදී ජාතික ආහාර නිෂ්පාදන වැඩ සටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධ්‍යක්ෂවරයා මෙම අදහස් පළ කළේය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අධ්‍යක්ෂවරයා සෝයා, මුං ඇට, මිරිස් ආදී අතිරේක බෝගවලින් ස්වයංපෝෂිත වීමට නම් අලුතින් හෙක්ටයාර් එක් ලක්ෂ අනු දහසක් වගාකළ යුතු බව පෙන්වා දෙන ලදී .
නමුත් වර්තමානයේ ලකාවේ පරිභෝජනය සදහා අවශ්‍ය සෝයා බෝංචි 96% ක්, ලොකු ලුණු 62% ක්, සහ මිරිස් 59% ක්, මෙරටට ආනයනය කරන බව විජේසේකර මහතා පැවසීය. මීට අමතරව මෙරට පරිභෝජන අවශ්‍යතාවයෙන් මුං ඇට 59%ක් සහ රතු ලුණු 15%ක්, ආනයනය කරන බව සදහන් කළ ඔහු කුරක්කන් 23%ක්, රට කජු 34%ක් ආදි වශයෙන් මෙරටට වාර්ෂිකව ආනයනය කරන බවද පෙන්වා දෙන ලදී. මේ ප්‍රමාණයන් අවම කරගැනිම සදහා යල කන්නයේදී 33%ක ප්‍රමාණයක් අතිරේක බෝග වගා කළ යුතු බවත්, යල මහ දෙකන්නයට අමතරව අතරමැද කන්නයක් අතිරේක බෝග වගාකළ යුතු බවත් විජේසේකර මහතා පැවසීය.
වර්තමානයේදී නමිනන්, ගස්ලඹු,ඇඹුල්,රතඹලා,ඇම්බන් කෙසෙල්, වැනි පළතුරු හා කාබනික පොහොර භාවිතයෙන් වගාකළ එළවළු සදහා විදේශවලින් ඉහළ ඉල්ලුමක් පවතින බැවින් මෙම වගාවන් වෙත යොමුවිය යුතු බවද පෙන්වා දෙන ලදී. එසේම කාබනික පොහොර යොදා නිෂ්පාදනය කරනු ලබන එළවළු සම්බන්ධයෙන් සහතිකයක් නිකුත් කිරීමටද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ වන විට කටයුතු කරන බවද විජේසේකර මහතා පැවසීය.
දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්විම සදහා මහනුවර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ කැටපේ ආරච්චි මහතා ඇතුළු දිස්ත්‍රික් රාජ්‍ය ආයතන ප්‍රධානීන් රැසක් ද සහභාගි වුහ.
AP/DMU-Kandy