ඔක්තෝම්බර් 20 වෙනි දිනට යෙදුණු ජාත්‍යන්තර සංඛ්‍යාන දිනය සමරමින් ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවනු ලබන ජාතික සම්මන්ත්‍රණ මාලාවේ රත්නපුර දිස්ත්‍රික් සම්මන්ත්‍රණය පසුගියදා (20) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.එහි ප්‍රධාන ආරාධිතයා ලෙස ඊට සහභාගිවෙමින් දිස්ත්‍රික් ලේකම්වරයා මෙසේ පැවසීය.
රටක ඉදිරි සංවර්ධන කාර්යභාරයේදි අනාගත පුරෝකථන හා සැලසුම් සැකසීම සදහා යාවත්කාලීන නිවැරදි දත්තයන් වෙතින් සුවිශේෂි මෙහෙවරක් සිදුවෙයි.මේ සදහා වන දත්ත සපයනුයේ රටේ ජනතාවයි.ඒ නිසා ජනතාවගෙන් නිවැරදි දත්ත ලබා ගත යුතුවා පමණක් නොව එම නියැදීන් විද්‍යාත්මකව විශ්ලේෂණය කර ගත යුතුය.දත්තයන් නිවැරදිව එකතු කර ගැනීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ යුත්තේ එබැවිණි.මන්දයත් අප එතරම් නොසිතුවත් රටේ සාමන්‍ය පුරවැසියන්ද සෑම විටකම දත්ත හා තොරතුරු ප්‍රයෝජනයට ගනු ලබන බැවිණි.
ඔක්තෝම්බර් 20 ලෝක සංඛ්‍යාන දිනය ලෙස නම් කර තිබෙනුයේ ලෝකයේ වැඩි අවධානය ඒ සදහා යොමු කිරිමට යැයිද සුනිල් කන්නන්ගර මහතා වැඩිදුරටත් පැවසීය.
ජනලේඛණ හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුවේ රත්නපුර දිස්ත්‍රික් කාර්යාලයේ ප්‍රධානී නියෝජ්‍ය අධ්‍යක්ෂ (සංඛ්‍යාන)
එල්.ඩබ්.රංජිත් මහතා විසින් ජාත්‍යන්තර දිනය පිළිබඳ හැදින්විම සිදු කල අතර දත්ත දේශන පැවැත්විම බි.ඒ.යු.අමරවංශ හා
ඩබ්.කේ.පි.ගුණවර්ධන යන සංඛ්‍යා ලේඛන නිලධාරීන් විසින් සිදු කරන ලදි.
රත්නපුර ජ්‍යෙෂඨ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.ඒ.පී.සි. පෙරේරා,රත්නපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් දයානන්ද කොළඹගම,ප්‍රධාන ගණකාධිකාරි ජගත්සිංහ මහතා දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඩබ්.පි.සමන්තිලක යන මහත්ම මහත්මීන්ද
අදහස් දක්වමින් මෙම අවස්ථාවට එක්වුහ.
රත්නපුර දිස්ත්‍රික් සංඛ්‍යා ලේඛන අංශය මගින් මෙම උත්සවය සංවිධානය කරන ලදි.
AP/DMU-Ratnapura