නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසැල් සිසුන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක්

    ඔක්තෝබර් 21, 2015
     
    "නිවැරදි දත්ත තුලින් වඩා සරු දිවියක්" තේමා කරගත් ලෝක සංඛ්‍යාන දිනය නිමිත්තෙන් පාසල් සිසුන් දැනුවත් කිරීමේ  
    සම්මන්ත්‍රණයක් කුරුණැගල බාල දක්ෂ මුලස්ථානයේදී අද පැවැත්විණි.
    සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන තොරතුරු උපයෝගී කරගෙන සංවර්ධන ව්‍යාපෘති ද ක්‍රියාත්මක කරන 
    බැවින් නිවැරදි සංඛ්‍යා ලේඛණ වල වැදගත්කම පිළිබඳව කුරුණෑගල අතිරේක දිස්ත්‍රික් ලේකම් ආර්.එම් පී. රත්නායක 
    මහතා මෙහිදී පැහැදිලි කලේය. 
     
    නවතම සංඛ්‍යාලේඛණ තොරතුරු අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ කාන්තා ප්‍රතිශතය 52% ක් වන අතර  පිරිමි ප්‍රතිශතය 48% කි. 2014 වන විට වැඩිහිටි ජනගහනය 24.8 ක් ඉහළ යාමේ ප්‍රවණතාවයක් පවතින බැවින් එවැනි තොරතුරු වලට අනුව ඉදිරි සැලසුම් සකස්කල යුතු බවත්  රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.
     
    කෘෂිකර්ම පර්යේෂණ  හා නිෂ්පාදන සහකාර නිලධාරීන්  හරහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල සංඛ්‍යාලේඛණ නිලධාරීන් මගින් තොරතුරු එක්රැස් කර ගන්නා ආකාරයත් විශ්ව විද්‍යාල හා පාසුල් සිසුන්ට අවශ්‍ය සංඛ්‍යා දත්ත ජන ලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බවත් මෙහිදී සිසුන් දැනුවත් කරමින් පැවසීය.
     
    කුරුණෑගල දිස්ත්‍රික් සංඛ්‍යාලේඛණ අංශය මගින් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර ඇත.
     
    AP/DMU-Kurunegala
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya