නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කලවාන රෝහලට භෞතික හා මානව සම්පත් කඩිනමින්

    ඔක්තෝබර් 17, 2015
    කලවාන රෝහලේ මේ වන විට පවතින වෛද්‍ය, හෙද, තාක්ෂණවේ, කණිෂ්ඨ සේවකයන්, ගොඩනැගිලි ඇතුළු සෙසු භෞතික සම්පත් හිඟයට කඩිනමින් පිළියම් ලබාදීමට  සබරගමුව පළාත් සභාව කටයුතු කරන බව  පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් පැවසීය.
     
    ඒ අනුව දැනට දැඩි අර්බුදයකට ලක්ව ඇති වෛද්‍යවරුන්ගේ හිඟයට පිළියම් වශයෙන් පළාතේ වෙනත් රෝහල්වලින් තාවකාලිකව අනුයුක්ත කිරීමටත් මෙම වර්ෂයේ දෙසැම්බර් මාසය වන විට  ස්ථිර වෛද්‍යවරුන් ලබාදීමටත් කටයුතු කරන බව ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
     
    ප්‍රධාන අමාත්‍යවරයා මේ බව පැවසූයේ පසුගියදා කලවාන රෝහල් ශ්‍රවණාගාරයේ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    ඊට අමතරව එම රෝහලට අවශ්‍ය උපස්ථායක, සෞඛ්‍ය සේවා සහායක සහ රියදුරන් කඩිනමින් බඳවා ගැනීමට කටයුතු කරන ලෙස මෙහිදී පළාත් බලධාරීන්ට ප්‍රධාන අමාත්‍යවරයා උපදෙස් දෙනු ලැබීය.
     
    මධ්‍යම රජය සමග සාකච්ඡා කර වෛද්‍යවරු, තාක්ෂණික සේවා නිලධාරීන් සහ හෙද නිලධාරීන්  සබරගමුව පළාතට ලබාගැනීමට කටයුතු කරන බවත් ප්‍රකාශ කළ ප්‍රධාන අමාත්‍යවරයා රෝහලේ පවතින ගොඩනැගිලි හිඟයට පිළියමක් ලෙස වාට්ටු සංකීර්ණ, රසායනාගාර, වෛද්‍ය නේවාසිකාගාර,  X-රේ  ඒකක ඇතුළු අංග සම්පූර්ණ පස්මහල් ගොඩනැගිලි සංකීර්ණයක් මෙම වර්ෂය තුළදීම ලබාදීමට කටයුතු කරන බවත් එහි මාස හයක් වැනි කෙටි කාලයක් ඇතුළත වැඩ අවසන් කර ජනතා අයිතියට පත්කරන බවත් සඳහන් කළේය.
     
    ඊට අමතරව රෝහලේ පවතින සෙසු භෞතික පහසුකම් කඩිනමින් සපුරාලන ලෙස ද මෙහිදී මහීපාල හේරත් මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.
     
    දිනකට මෙම රෝහලින් බාහිරව රෝගීන් 500ක් පමණ ප්‍රතිකාර ලබාගන්නා අතර  නේවාසිකව ප්‍රතිකාර ලබාගැනීමේ පහසුකම් ද පවතී.
     
    විශේෂඥ වෛද්‍යවරු දෙදෙනකු ඇතුළු වෛද්‍යවරු හත්දෙනෙකු මේ වන විට මෙහි සේවය කරන අතර  හෙද කාර්යය මණ්ඩලය 36ක් සේවය කරති. 
     
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya