නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරියානු රැකියා පුහුණු මධ්‍යස්ථානයක්

    ඔක්තෝබර් 16, 2015
    කොරියාවේ රැකියා පුහුණුව සඳහා යන ශ්‍රී ලාංකිකයන් පුහුණු කිරීම වෙනුවෙන් විධිමත් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවට ලබාදීමට කොරියානු ආයෝජකයන් පිරිසක් එකඟත්වය පළ කොට ඇත.
     
    කොරියානු ආයෝජකයන් පිරිසක් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා හමු වු අවස්ථාවේ දී මේ බව පොරොන්දු වී ඇත. මෙම හමුව පසුගිය දා නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශයේ දී සිදු විය.
     
    මෙහිදී ඔවුන් ඇමැතිවරයා වෙත දැනුම් දුන්නේ ශ්‍රී ලංකාවේ වෘත්තීය පුහුණු පහසුකම් ඇති කිරීම සඳහා කොරියානු රජයෙන් ලබාදෙන මූල්‍ය පහසුකම් මත ඉදිකිරීමට යෝජිත එම මධ්‍යස්ථානයේ දී කොරියානු රැකියා සඳහා යන තරුණ තරුණියන් හට නව තාක්ෂණික දැනුම සහිත නේවාසික පුහුණුවක් ලබාදිය හැකි බවය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya