නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් පාලන කොට්ඨාස සීමා නිර්ණය කිරීම පිළිබඳව සම්මන්ත්‍රණයක් අනුරාධපුරයේ දී

    ඔක්තෝබර් 15, 2015

    පළාත් පාලන ආයතන කොට්ඨාස සීමා නිර්ණය කිරිම සිදුවන ආකරය පිළිබඳව දැනුවත් කිරිමේ  සම්මන්ත්‍රණයක් අඟහරුවාදා (13) අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. වැඩසටහන සංවිධානය කලේ, අනුරාධපුර  සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලය වන අතර  එහිදී අනුරාධපුර දිස්ත්‍රික් දේශපාන නියෝජිතයින් දැනුවත් කිරීම සිදු කෙරිණි.

    2012 අංක 22 දරණ පළාත් පාලන ඡන්ද විමසීම් සංශෝධන පනත මගින් මෙම සීමා නිර්ණය කිරීම පිළිබඳව කරුණු අනාවරණ කර තිබේ. සාමාජිකයින් පස්දෙනෙකුගෙන් යුත් ජාතික සීමා නිර්ණ කමිටුවක් මගින් බල ප්‍රදේශ කොට්ඨාස වලට වෙන් කිරීම සිදුකරන අතර එම කමිටුව පළාත් පළාන අමාත්‍යවරයාගේ උපදේශනය මත පත් කරනු ලැබේ.

     

    මෙම ක්‍රමය යටතේ කොට්ඨාස ලබාදීමේ දී සලකා බලන කරුණු කිහිපයක් ඇත. ඒ අනුව ජන වාර්ගික ජනහගන අනුපාතය පදනම්ව නියොජනයක් සහතික කිරිම, භූගෝලීය ප්‍රදේශ හා එහි භෞතික ලක්ෂණ, ජන ගහනය හා ජන ගණත්වය, ආර්ථික හා සංවර්ධන මට්ටම ඉන් ප්‍රමුඛ තැනක් ගනී. ජාතික සිමා නිර්ණ කමිටුවට අමතරව, දිස්ත්‍රික් අනුව දිස්ත්‍රික් සීමා නිර්ණ කමිටුවක් ද පත්කරයි. එහි සභාපතිවරයා වශයෙන් දිස්ත්‍රික් ලේකම්වරයා තෝරා ගැනේ.

     

    මැතිවරණ නිලධාරියෙකු, පළාත් සභාවේ පළාත් පාලන විෂය සම්බන්ධ නිලධාරියෙකු, මිනුම්පති ජනරාල් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු, ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු හා අමාත්‍යවරයා විසින් පත්කරනු ලබන රාජ්‍ය නිලධාරියෙකු  වශයෙන් මෙම කමිටුව පුර්ණ වේ.

     

    නව ක්‍රමවේදයට අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන වලින් කොට්ඨාස මට්ටමින් තොරාගන්නා සභිකයින් සංඛ්‍යාව 226 කි. සමානුපාතික පදනමක් මත තවත් 68දෙනෙකු තෝරා ගැනේ.

     

    පසුගියදා පැවැති රැස්වීමේ දී පළාත් පාලන ආයතන කොට්ඨාස සීමා නිර්ණය කිරීම පිළිබඳව හා ඒ ආශ්‍රිත කරුණු පැහැදිලි කිරීම සිදු කළේ, අනුරාධපුර සහකාර මැතිවරණ කොමසාරිස් අසංක රත්නායක මහතා විසිනි. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා ද මේ අවස්ථාවට එක් විය.

     

    dmu_Anuradhapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya