ක්ෂේත්‍ර රාජකාරීවල නිරත සමෘද්ධි සංවර්ධන නිලධාරීන් බැංකු ක්‍රම පිළිබඳවත් බැංකුවල සේවය නියුතු එම නිලධාරීන් ක්ෂේත්‍රවල නිරතව අවම වශයෙන් මාස හයක පුහුණුවක් ලැබිය යුතු බව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ආර්.සී. ද සොයිසා මහතා පවසයි.
හම්බන්තොට දිස්ත්‍රික් සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. මෙහිදී දිස්ත්‍රික් දිවිනැගුම අධක්ෂවරයාට උපදෙස් ලබා දෙමින් ඒ මහතා කියා සිටියේ මේ සඳහා වැඩපිළිවෙළක් සකස් කර ඉදිරිපත් කරන ලෙසත් සියලුම නිලධාරීන්ට මේ අවස්ථා දෙකේ පුහුණුව අනිවාර්යෙන්ම ලබා දෙන ලෙසයි.
මෙහිදී ප්‍රාදේශීය ලේකම්වරුන්ට අදාළ නිලධාරීන් එම පුහුණුවට අනුයුක්ත කරන ලෙස ද උපදෙස් ලබා දුන්නේය.
මේ තුළින් බැංකු කටයුතු කාර්යක්ෂම කිරීමත් ක්ෂේත්‍රයේදී මහජනතාවට හොඳ සේවයක් ලබාදීමටත් අරමුණු වේ. මෙම වැඩසටහන අවසානයේදී සියලුම සමෘද්ධි සංවර්ධන නිලධාරීන් බැංකු කටයුතු හා ක්ෂේත්‍ර රාජකාරී පිළිබඳ මනා පුහුණුවක් හා දැනුමක් ලැබේ. එම නිලධාරීන්ගේ උසස්වීම් හා වැටුප් වර්ධක හිමි කර ගැනීමට මෙය පිටුවහලක් වන බව දිස්ත්‍රික් ලේකම්වරයා පෙන්වා දුන්නේය. සමෘද්ධි ව්‍යාපාරයේ ආරම්භයේ සිට සේවය කරනු ලබන ඇතැම් නිලධාරීන් බැංකු ගැන අවබෝධයක් නැති අතර ක්ෂේත්‍ර රාජකාරීවල නියැලෙන නිලධාරීන්ට බැංකු කටයුතු සම්බන්ධයෙන් අවබෝධයක් නැති වීම හේතුවෙන් මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරයි.
DMU_ Hambanthota