ජාත්‍යන්තර වැඩිහිටි දිනය නිමිත්තෙන් මාතර දිස්ත්‍රික්කයේ වැඩිහිටි දින සැමරුම් උත්සවය හෙට (09) පෙ.ව.8.30 ට දකුණු පළාත් සමාජ සුභසාධක, පරිවාස හා ළමාරක්ෂක සේවා අමාත්‍ය වීරසුමන වීරසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මේ අවස්ථාවට ප්‍රදේශයේ වැඩිහිටියන්,දේශපාලන නායකත්වය හා රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිතය.
මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ පුරවැසි බල මණ්ඩලය එක්ව මෙම උත්සවය සංවිධානය කර ඇත.
AP/DMU-Matara