ධීවර ජනතාවගේ දැඩි ඉල්ලීම මත ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගියදා එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණි. එහිදි නිලධාරීන් හා ධීවර ජනතාව සමඟ සිදුකෙරුණු සාකච්ඡාවකින් අනතුරුව නැවත එම නැංගුරම්පළ ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. එහි වැඩ කටයුතු මෙම වර්ෂයේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ගිය වසරේ සැප්තැම්බර් මස 30 වන දින එම නැංගුරම්පොළක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබුවත් එහිදී ප්‍රායෝගික ගැටලු කිහිපයක් නිසා දැනට එම නැංගුරම්පොළ ඉදිකිරීමේ කටයුතු ප්‍රමාද වී ඇත. එහි ඇස්තමේන්තු මුදල රු.මි. 350 කි. එම ප්‍රදේශයේ ධීවර ජනතාව සතුව බහුදින යාත්‍රා 72 පවතින අතර, නැංගුරම්පොළක් නොමැති වීම හේතුවෙන් එම යාත්‍රා හික්කඩුව හා ගාල්ල වරායන් වලින් මුහුදු යන බව ප්‍රදේශවාසීන් සඳහන් කරති. තවද ඔවුන් සතුව ෆයිබර් ග්ලාස් යාත්‍රා 32 ක්ද පාරම්පරීක යාත්‍රා 30ක්ද පවතී.
ඉන් අනතුරුව කයිකාවල නැංගුරම්පළ ඉදිකිරීමේ ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීමටද අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහභාගී විය. මෙම ස්ථානයේ රු.මි.245ක පමණ වියදමකින් මීටර් 150ක දිය කඩනයකින් යුත් නැංගුරම්පළක් ඉදිකිරීමට සැලසුම් කර, 2014 සැප්තැම්බර් මස නැංගුරම්පළ ඉදිකිරීම ආරම්භ කෙරුණු අතර, පාරිසරික ගැටලු හේතුවෙන් එයද තාවකාලිකව නතර වී ඇත. දැනට බෝට්ටු 20 කින් පමණ එම ස්ථානයෙන් පිටත්ව ධීවර රැකියාවල නිරත වන අතර නැංගුරම්පළක් නොමැති වීම නිසා රැකියාවල නිරත වීමට අපහසු බව ධීවරයින් අමාත්‍යවරයා වෙත පැවසීය. එහිදී අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙමින් කියා සිටියේ පරිසර අධ්‍යයන වාර්තාවක් කඩිනමින් ලබාගෙන තමා වෙත දන්වන ලෙසයි.
මෙම අවස්ථාවට ධීවර අමාත්‍යංශයේ ලේකම් ඩබ්.එම්.එම්.ආර්. අධිකාරී මහත්මිය, ධීවර වරාය නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී ජි.ජි.පි. අබේසේකර මහතා හා ධීවර දෙපාර්තමේන්තුවේ මෙන්ම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද සහභාගි වූහ.
kpm