නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙරළ පිරිසිදු කිරීමේ ජාතික වැඩසටහනට නාවික හමුදා සහය

    සැප්තැම්බර් 21, 2015
    වෙරළ පිරිසිදු කිරීමේ ජාතික වැඩසටහනෙහි සමාරම්භක උත්සවය අතිගරු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය දා කොළඹ ගාලු මුවදොර පිටියේ දී පැවැත්විණි. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් අන්තර්ජාතික වෙරළ පවිත්‍ර කිරීමේ දිනය නිමිත්තෙන් සංවිධානය කෙරුණු මෙම ජාතික වැඩසටහනට නාවික හමුදාව නියෝජනය කරමින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සමග බටහිර නාවික විධානයේ නිලධාරීන් සහ නාවිකයන් විශාල පිරිසක් සහභාගි වූහ. 
     
    මෙම ජාතික වැඩසටහන යටතේ, ගාලු මුවදොර පිටිය ප්‍රදේශයත්, මොරටුව සිට එගොඩ උයන ප්‍රදේශය දක්වාත්, කාක දූපතේ සිට මීගමුව ප්‍රදේශය දක්වාත්, කළුතර කැලිඩෝ වෙරළ තීරයත් නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් පිරිසිදු කෙරිණි. 
     
    සීග්‍රයෙන් අපවිත්‍රකරණයට ලක්වන වෙරළ, පවිත්‍ර කිරීමේ හා එය රැක ගැනී‍මේ අරමුණින් මෙම ජාතික වැඩසටහන ඉදිරි දින කිහිපයේ ද පැවැත්වීමට නියමිතය.
     
    navy.lk

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya