දිසාපතිවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ පසුගියදා (17) මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවැති වන අලි ගැටළු සාකච්ඡා කිරීමේ රැස්වීමට සහභාගි වූ අවස්ථාවේ දීය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් දිසාපතිවරය කියා සිටියේ මාතලේ දිස්ත්‍රික්කයේ වන අලි තර්ජනයක් පවතින විල්ගමුව, ලග්ගල, දඹුල්ල සහ නාඋල වැනි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල දැනට ඉදිකර ඇති විදුලි වැටවල් විධිමත් ලෙස නඩත්තු කළ යුතු බවත් ඒ සඳහා වන ජීවී නිලධාරින්, සිවිල් ආරක්ෂක බලකාය සහ ගොවි සංවිධාන එක්ව කටයුතු කළ යුතු බවත් අක්‍රීය වූ විදුලි වැටවල් නැවත ප්‍රතිසංස්කරණය කිරිමට කටයුතු සූදානම් කළ යුතු බවත් නව විදුලි වැටවල් අවශ්‍ය ස්ථාන හඳුනාගෙන ඉදිකිරිම් ආරම්භ කළ යුතු බවත් පවසමින් දිසාපතිවරයා අවධාරණය කළේ විදුලි වැට ඉදිකිරීම රජයේ වගකීමක් වුවද එය රැක ගැනීමට ගොවි සංවිධාන කටයුතු කළ යුතු බවයි.
මෙහිදී ගොවි සංවිධාන නියෝජිතයින් අදහස් දක්වමින් කියා සිටියේ වන අලි ගම්වැදීම නිසා ගැමියන්ගේ වගාවන් දේපල මෙන්ම ජන ජීවිතයට ද තර්ජනයක් වී ඇති බවත් මේ සඳහා කඩිනම් විසදුම් ලබා දීමට කටයුතු කළ යුතු බවයි.
වනජීවි නිලධාරීන් අදහස් දක්වමින් කියා සිටියේ රක්ෂිත වලින් එළියට එන අලින් ගම් වැදී නැවත රක්ෂත කරා නොගොස් අක්කර සිය ගණන් විශාල පෞද්ගලික ඉඩම් තුළ රැඳී නැවත ගම්වලට යාම සිදුවන බවත් එය ඔවුනට අලින් පලවා හැරීමේ දී ප්‍රධාන ගැටළුවක් බවට පත් වී ඇති නිසා මෙම ඉඩම් සංවර්ධනය කළ යුතු බවත් නිරන්තර කැළෑ ගිනි තැබීම තුළින් වන අලින්ට ආහාර හිඟ වීමත් මෙයට තවත් හේතු ලෙස ඔවුන් පෙන්වා දෙයි.
මෙම අවස්ථාවට මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න, දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරු, පොලිස් නිලධාරීන්, සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන්, වන ජීවී නිලධාරින්, වන සංරක්ෂණ නිලධාරීන් සහ ගොවි සංවිධාන නියෝජිතයින් රැසක් සහභාගි වූහ.
SDF/GNK_dmu_Matale