සංස්කෘතික මධ්‍යස්ථානයකින් දූ දරුවන්ට ලබා දෙන පාඨමාලා සඳහා යොමුවීමට සහ අදාළ පහසුකම් ලබාගැනීමට යටියන ප්‍රදේශයේ දුදරුවනට මෙතෙක් තිබූ බාධක ඉවත් කරමින් මෙම සංස්කෘතික මධ්‍යස්ථානය පිහිටුවනු ලැබීය.
මාතර දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් සංස්කෘතික මධ්‍යස්ථාන පිටහිටුවා ඇති අතර එමගින් ලබාදෙන සියලු ම පාඨමාලා හැදෑරීමට එම ප්‍රදේශවල දූ දරුවන්ට අවස්ථාව සැලසේ.
මේ අවස්ථාවට ගොඩමුලන විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ, තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, ප්‍රදේශවාසීන් හා දූ දරුවන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
AP/DMU-Matara