නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශීය සීනි නිෂ්පාදකයන් හා අල ගොවීන් ආරක්ෂා කිරීම තුළින් ජනතාවට සහන

    සැප්තැම්බර් 10, 2015

    ජාත්‍යන්තර වෙළදපොලේ සීනි මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබා දී පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේ අරමුණින් පැකට් කරන ලද සීනි කිලෝවක් රුපියල් 95ක් වශයෙන් හා පැකට් නොකරන ලද සීනි කිලෝවක් රුපියල් 88ක් වශයෙන් පනවා ඇති උපරිම පාලන මිල දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.

    ජාත්‍යන්තර වෙළදපොලේ සීනි මිල තවදුරටත් අඩුවීමේ ප්‍රවණතාවයක් පවතින බැවින් දේශීය සීනි කර්මාන්තයට අත දීමක් ලෙස සීනි සඳහා රුපියල් 12ක “විශේෂ වෙළද භාණ්ඩ බද්දක්” මුදල් අමාත්‍යංශය විසින් පනවා ඇත. මෙම වැඩි කිරීම කර ඇත්තේ විදේශීය වෙළදපොලේ මිල අඩු වීමේ වාසිය නිසාය. එනමුත් පාලන මිල එසේම පවතින බැවින් දේශීය වෙළදපොලෙහි සීනිවල මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවේ. මේ තුළින් දේශීය සීනි නිෂ්පාදකයන්ට සහනයක් සැලසේ යැයි රජය බලාපොරොත්තු වේ.

     

    සීනි කිලෝවක් සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික අධිකාරිය වෙත අවශ්‍ය උපදෙස් ලබා දී ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි.

     

    එසේම දේශිය අල අස්වනු නෙලීමේ කාලය එළඹ ඇති බැවින් ආනයනික අර්තාපල් අල මත වූ විශේෂ වෙළද බාණ්ඩ බදුද රුපියල් 10කින් වැඩි කර ඇත.

     

    සැප්තැම්බර් මස සිට දේශීය අර්තාපල් අල වෙළදපොල තුළට පැමිණෙන බැවින් දේශීය අල ගොවියා ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම බදු වැඩි කිරීම සිදුකරනු ලැබීය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya