මේ සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 19 නියෝජනය කරමින් පැමිණි කාන්තා බලමණ්ඩල නියෝජිතයින් 100කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වී සිටිය හ.
මෙහිදී නායකත්වය පිළිබඳව විශේෂ ප්‍රායෝගික වැඩසටහනක් සංවිධානය කොට තිබුණු අතර මෙහිදී අදහස් දැක් වූ දිස්ත්‍රික් ලේකම්වරයා පෙන්වා දුන්නේ අසිරිමත් පවූල් සංස්ථාවක මූලිකත්වය කාන්තාව බවත් ලංකාව වැනි රටක කාන්තාව පුරුෂයාට වඩා පවුල් සංස්ථාව තුළ දැඩි කැපකිරීමක් සිදුකරන බවත් ය. ගාල්ල දිස්ත්‍රික් වනිතා සංවර්ධන ඒකකය විසින් මෙම වැඩ සටහන සංවිධානය කොට තිබිණි.
AP/DMU-Galle