එම කර්මාන්ත ශාලාව හම්බන්තොට ජාත්‍යන්තර වරාය ආශ්‍රිතව ආරම්භ කිරීම සඳහා රජයේ අවධානය යොමු කර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ආර්.සී.ද සොයිසා මහතා දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදී පැවසීය.
වරාය ආශ්‍රිතව මේ සඳහා අක්කර දහසක භූමි ප්‍රදේශයක් ලබාදීමට කටයුතු කර තිබෙන බවත් මේ වසර තුළ එම කාර්මාන්ත ශාලාවේ වැඩ ආරම්භ කරන බවත් දිස්ත්‍රික් ලේකම්වරයා පෙන්වා දුන්නේය.
මෙය හම්බන්තොට වී වගා කරන ගොවි මහතුන්ට හොඳ අවස්ථාවක් වන බව පෙන්වා දුන් දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළේ ගොවීන් ජනතාව වඩා හොඳින් වගා කටයුතු කරන බැවින් මෙම කර්මාන්ත ශාලාව ප්‍රයෝජනවත් වන බවයි.
සහල් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රචලිත කිරීමේ කර්මාන්ත ශාලාවක් ලෙස මෙය ආරම්භ වේ.
වෙනත් දිස්ත්‍රික්කවල ද මෙවැනි කර්මාන්ත ශාලා ඉදි කිරීමට ගොවීන් ජනතාවගෙන් ඉල්ලීම් ලැබී තිබෙන බවත් අන්තර් ජාතික වාරයක් ආශ්‍රිතව මෙය ඉදි කිරීමෙන් විශාල සේවයක් හා වාසියක් අත්වන බව ද කර්මාන්තකරුවන් පෙන්වා දී ඇත.
kpm/_DMU_Hambanthota