ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (28) කොළඹ නගරය තුල පදනම් වූ රාජ්‍ය තාන්ත්‍රික කණ්ඩායම අමතා කළ කතාවේ දීය.
රටේ සියලු ජාතීන්ගේ අවශ්‍යතා සුරකින පරිදි සාකච්ඡා මාර්ගයෙන් ගන්නා තීරණ ඔස්සේ සම්මුතීන් ගොඩනගන ජාතියක් වශයෙන් සිතා කටයුතු කිරීම නව රජයේ ප්‍රතිපත්තිය වන බවත් අප රටට පමණක් නොව ජාත්‍යන්තර ප්‍රජාවට ද වැදගත් වන කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී අපගේ ද්වීපාර්ශවීය හා බහුපාර්ශවීය හවුල්කරුවන් සමඟ ඉහත සඳහන් කළ ආකාරයට කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය.
ඔහු තවදුරටත් මෙසේ පවසා සිටියේය.
“යෝජිත ජාතික ආණ්ඩුව විසින් ජාතික ප්‍රතිපත්ති සැකසීම හා සිවිල් හා දේශපාලන අයිතීන් පමණක් නොව ආර්ථික, සමාජයීය හා සංස්කෘතික අයිතීන් ද සැලකිල්ලට ගැනෙන හිමිකම් පනතක් ද ඇතුළත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට අවශ්‍ය වන ප්‍රතිපාදන වලින් සමන්විත වැදගත් නීති සම්පාදනය කිරීම තහවුරු කරනු ඇත. මෙම ව්‍යවස්තාව මගින් සියලු පුරවැසියන්ගේ හා ප්‍රජාවගේ අවශ්‍යතා තහවුරු කෙරෙනු ඇති අතර තමන් ජීවත් වන ප්‍රදේශය සම්බන්ධ තීරණ ගැනීමේ දී ඒ සඳහා පොදු ජනතාවට වැඩි අවස්ථාවක් ලබාදෙනු ඇත. මෙවන් ක්‍රියාමාර්ග තුළින් අප අපේක්ෂා කරන්නේ ජනතාවට වඩාත් වග කියන රජයක් මෙරට තුළ නිර්මාණය කිරීමටයි. සංහිඳියාව හා ස්ථීරසාර සාමය ඇතිකරනු වස් නීතියේ ආධිපත්‍යය තහවුරු කරන මැතිවරණ ප්‍රතිසංස්කරණ හා ශක්තිමත් පාර්ලිමේන්තුවක් සහිත මෙවන් ව්‍යවස්ථාවක් අත්‍යවශ්‍ය වේ.
ප්‍රතිසන්ධානය සඳහා යම් කාලයක් ගතවනු ඇත. සත්‍යය ගවේශණය, සාධාරණය ඉෂ්ඨකිරීම, නැවත ගොඩනැගීම, යළි ඇතිවීම වළක්වාලීම ආදී පුළුල් වූ ක්‍රියාවලීන් ඊට ඇතුළත් වේ. එමෙන්ම හිමිකම් තහවුරු කිරීම, දිගුකාලීන තිරසාරභාවය සහතික කිරීම හා සියළු ප්‍රජාවන්ගේ දුක් ගැනවිලි සඳහා ඇහුම්කන් දීම තහවුරු කිරීම සඳහා උපදේශනය ලබාගැනීම ආදී වැදගත් ලක්ෂණ ද ඊට ඇතුලත් වේ. එබැවින් අප විසින් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන යාන්ත්‍රණය පුළුල් උපදේශන යාන්ත්‍රණයක් හරහා සිදු විය යුතුය.
ඔබ දන්නා පරිදි ශ්‍රී ලංකාව, ඉන්දියාව හා පකිස්තානය යන රටවල් දෙකම සමඟ නිදහස් වෙළඳ ගිවිසුම් වලට අත්සන් තබා ඇත. ඒ අනුව ඔබගේ රටවල සිටින ආයෝජනයන්ට අප රට තුළ කර්මාන්ත ආරම්භ කර මෙම කලාපය සතුවූ විශාල වෙළඳපලට පිවිසීමේ අවස්ථාව ලබාගන්නා මෙන් අප වැඩිදුරටත් ඉල්ලා සිටීමට කැමතියි.
ආයෝජකයන්ගේ විශ්වාසය තහවුරු කරන නීති පද්ධතීන් නුදුරේදීම ක්‍රියාවට නැංවීමට නව රජය බලාපොරොත්තු වෙනවා. නමුත් අප දන්නා පරිදි නීතියෙන් පමණක් ආයෝජන වටපිටාවක් නිර්මාණය කල නොහැකියි. ඒ අනුව ස්ථාවර ප්‍රතිපත්ති පවත්වාගෙන යාම හා සියළු ආයෝජනයන් හට සමාන අවස්ථා උදාකිරීම අප රජය විසින් ප්‍රමුඛත්වයේ ලා සලකනවා. ජාතික ආණ්ඩුව මගින් ඇතිකරන ද්වීපාර්ශවීය සම්මුතිය මේ සඳහා උපකාරී වනු ඇතැයි අප විශ්වාස කරනවා.
නව රජෙයේ මූලික අරමුණු වලින් එකක් වනුයේ දූෂණය පිටුදැකීමයි. දූෂණය පිටුදැකීම සඳහා වූ එක්සත් ජාතින්ගේ මූලධර්ම මත පදනම් වූ නව නීති හා ආයතන පිහිටුවීමට ඒ අනුව අප බලාපොරොත්තු වෙනවා.
විදේශ රටවල් සමඟ නව වෙළඳ ගිවිසුම් ඇතිකරගැනීමට රජය බලාපොරොත්තු වන අතර ආර්ථික සංවර්ධන කලාප 45ක්, හා කාර්මික හා තාක්ෂණික කලාප 11ක් ද හම්බන්තොට (නැව් නිෂ්පාදනය), රයිගම (නව තාක්ෂණය), මහඔය/වන්නි/කිලිනොච්චි (නිෂ්පාදනය), කෙළඹ (වාණිජ හා මූල්‍යමය කටයුතු), මහනුවර, යාපනය හා ගාල්ල (තොරතුරු තාක්ෂණය)ආදී ප්‍රදේශ ඉලක්ක කරගෙන ස්ථාපිත කිරීමට නියමිතයි.“
SDF