ඒ මහතා මෙසේ උපදෙස් දී ඇත්තේ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේදීය.කළුතර දිස්ත්‍රික්කයට වාර්ෂිකව අවශ්‍ය වන තේ පැල ලක්ෂ 25 ක ප්‍රමාණය දිස්ත්‍රික්කය තුළම නිෂ්පාදනය කිරීම මෙහි අරමුණයි.
මීට අමතරව දිවි නැගුම වැඩ සටහන යටතේ ක්‍රියාත්මක වන ජීවනෝපාය වැඩ සටහන අනුව සමෘද්ධිලාභීන් ද සහභාගි කර ගනිමින් ප්‍රාදේශීය මට්ටමින් පැල තවාන් ඇති කිරීමට ඔවුන් මෙහෙයවීම සමෘද්ධි අංශය විසින් සිදු කරනු ලබයි.
වාර්ෂිකව හෙක්ටයාර් 200 ක පමණ පැල සිටුවීම සිදුවන අතර ඒ සදහා පැල ලක්ෂ 13 ක් පමණ දිස්ත්‍රික්කය තුළ නිපදවන අතර ඉතිරි පැල සියල්ල වෙනත් දිස්ත්‍රික්ක වලින් පැමිණෙන ජංගම පැල අලෙවිකරුවන්ගෙන් ලබා ගැනේ.
වෙනත් දිස්ත්‍රික් වලින් පැමිණෙන ජංගම පැල අලෙවිකරුවන්ගේ තේ පැල නිසි ප්‍රමිතියෙන් තොරවීම තේ වගාවේ අස්වැන්න අඩුවීමට ප්‍රධාන හේතුවක් බව කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ ප්‍රාදේශීය කළමනාකරු ඩී.එම්.ටී.නාකන්දල මහතා පවසයි.
කුඩා තේ වතු හිමියන් 38000 ක් සදහා වාර්ෂිකව තේ සහනාධාර වශයෙන් රුපියල් මිලියන 80 ක මුදලක් රජය මගින් වැය කරනු ලබන අතර එම මුදලින් නිසි ප්‍රයෝජන ලබා ගැනිමට ඉහළ ප්‍රමිතියෙන් යුත් තේ පැල සිටුවීම අනිවාර්යය බව කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි.
AP/DMU- Kalutara