ශ්‍රී ලංකාවේ අප ජලය ඉවත් කිරීමේ දී අපජල කළමනාකරණ ජාල හා එක්වී ඇත්තේ මුළු ජනගහනයෙන් 2.4%ක් පමණි. සෙසු පිරිස තම තමන්ගේ අපජල ජාල (එනම් සෑම නිවසක් සඳහා ම වෙනම ඉදිකරන ලද) භාවිත කරති.
දැනට පවතින බොහෝ සෞඛ්‍යාරක්ෂණ ජාල යල්පැන ගිය හා නිසි ලෙස නඩත්තු නොකරන ලද ඒවා වේ. එබැවින් මෙම ජාලවල කාර්යක්ෂමතාවය වියැකි ඇත. පිරිසිදු නොකරන ලද අපජලය අපජල කළමනාකරණ මාර්ගවලට පොම්ප කිරීම නිසා සෞඛ්‍යය, සනීපාරක්ෂාව හා පරිසරයට තර්ජනයක් මතු වී ඇත.
මෙම කරුණු සැලකිල්ලට ගනිමින් ප්‍රජා අපද්‍රව්‍ය කළමනාකරණ ජාල තුන පිහිටුවීමට නගර සඳහා සනීපාරක්ෂාව හා ස්වස්ථතචා ව්‍යාපෘතිය හරහා පියවර ගෙන ඇත.
මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ යුරෝ මිලියන 107ක වියදමින් මීගමුව නාගරික ප්‍ර දේශය සඳහා අපජල කළමනාකරණ ජාලයක් පිහිටුවීමට සැලසුම් කොට ඇත.
DB