නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඖෂධීය හෙළ කැඳ ගැන ආරක්‍ෂක අමාත්‍යාංශ නිලධාරීන් දැනුවත් කෙරේ

    අගෝස්තු 14, 2015

    ඖෂධීය ගුණයෙන් අනූන හෙළ කැඳවල ඇති වැදගත්කම හා ඉන් අප ශරීරයේ ඇතිවන රෝග නිවාරණය සඳහා ශරීරයට ලැබෙන ප්‍රතිශක්තිය පිළිබඳව ආරක්‍ෂක අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම ඊයේ (13) දින ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු කරනු ලැබීය.

    පාරම්පරික වට්ටෝරුවලට අනුව හෙළ කැඳ නිෂ්පාදනය කරනු ලබන හෙළසුවය සංවිධානය මඟින් මෙම වැඩමුළුව පවත්වන ලදී.

     

    මේ සම්බන්ධයෙන් මීට ප්‍රථම පසුගිය 11 වැනි දා ආරක්‍ෂක ලේකම් බී. එම්. යූ. ඩී. බස්නායක මහතාගේ ප්‍රදානත්වයෙන්ද වැඩමුළුවක් පැවති අතර එහිදී මෙම කැඳ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සඳහා හඳුන්වා දීමේ වැදගත්කම පිළිබදව අවධාරනය කෙරිණ.

     

    අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය සඳහා ඊයේ පැවති වැඩසටහනේ දී වෛද්‍ය කේ.එස්. දහනායක මහතා හා ප්‍රියන්තා සේනානායක මහත්මිය විසින් මේ පිළිබඳව සවිස්තර වාර්තා ඉදිරිපත් කරමින් මෙම පිරිස දැනුවත් කිරීම සිදු කරන ලදී.

     

    මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන එස්.බස්නායක මහත්මිය, අතිරේක ලේකම් (පාලන) ඉන්දු රත්නායක මහත්මිය ඇතුළු අමාත්‍යාංශයේ විශාල පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya