නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු ස‍ඳහා රජයේ නිලධාරීන් 9,809 ක්

    අගෝස්තු 13, 2015
     
    මාතර දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු සඳහා රජයේ නිලධාරීන් 9,809 දෙනෙකු යෙදවීමට කටයුතු යොදා ඇති බව මාතර දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්  ඩබ්. එච්. ආර්. විජය කුමාර මහතා පවසයි.
    ඡන්ද පොළ රාජකාරි සඳහා රජයේ නිලධාරීන් 6,369 ක්ද ඡන්ද ගණන් කිරීමේ කටයුතු සඳහා නිලධාරීන් 2,520 ක්ද අමතරව තවත් නිලධාරීන් 920 ක්ද යොදා ගැනේ.
     
    මාතර දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රදේශ හතෙහි ඡන්ද කොට්ඨාස 444 ක් තුළ ඡන්ද මධ්‍යස්ථාන 455 කදී ඡන්ද විමසීමේ කටයුතු සිදු කෙරේ.තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී සිදු කෙරෙන අතර සාමාන්‍ය ඡන්ද ගණන් කිරීමේ කටයුතු මාතර - මැද්දවත්ත කාර්මික විද්‍යාල පරිශ්‍රයේදී සිදු කෙරේ.
     
    AP/DMU-Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya