මෙම පසුබිම හා පදනම්ව ජපන් රජය සමඟ සිදුකරන ලද ද්විපාර්ශවික සාකච්ඡාවන් හි ප්‍රතිඵලයක් ලෙස ජාතික විදුලිබල සම්ප්‍රේෂණ හා බෙදාහැරීමේ ජාල සංවර්ධනය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය වෙතින් ජපන් යෙන් මිලියන 24,930 (ආසන්න වශයෙන් රුපියල් මිලියන 26,873)ක ණය මුදලක් ලබාදීමට ජපාන රජය එකඟ වී ඇත.
මහ කොළඹ හා ඒ ආශ්‍රිත ප්‍රදේශයන් හි ස්ථානගත ජාතික විදුලිබල සම්ප්‍රේෂණ හා බෙදාහැරීමේ ජාලයෙ හි ධාරිතාව ඉහළ නැංවීම මෙන්ම වඩා විශ්වාසනීය හා කාර්යක්ෂම වූ විදුලිබල සැපයුමක් ලබාදීම උදෙසා විදුලි උපපොළවල් සහ විදුලිය බෙදාහැරීමේ රැහැන් ඉදිකිරීම සහ වැඩිදියුණු කිරීමද මෙම ව්‍යාපෘතිය මඟින් සිදුකිරීමට නියමිතය.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන්, මුදල් අමාත්‍යාංශයේ හා මහාභාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා සහ ජපන් රජය වෙනුවෙන් ජයිකා ආයතනයේ ප්‍රධාන නියෝජිත කියෝෂි ආමඩා මහතා විසින් මෙම ව්‍යාපෘතියට අදාළ ගිවිසුමට පෙරේදා (11) මුදල් අමාත්‍යාංශයේදී අත්සන් තබන ලදී.
NDH