නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශේෂ අවශ්‍යතා සහිත පුරවැසියන් වෙනුවෙන් වැඩසටහන් රැසක්

    අගෝස්තු 08, 2015
     
     
    දකුණු පළාත් පරිවාස හා සමාජ සුභසාධන දෙපාර්තුමේන්තුව විසින් විශේෂ අවශ්‍යතා සහිත පුරවැසියන් වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කොට ඇත. ඒ අනූව දකුණු පළාත තුළ සිටින සියළුම ආබාධිත සහ විශේෂ අවශ්‍යතා සහිත වූවන් සඳහා වන 2007 වර්ශයේ සම්මත කොට ගත් ප්‍රඥාප්තිය නැවත බල ගැන් වීම මෙහි මූලික ම අරමුණයි.
    ඒ සඳහා ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක ත්‍රිත්වය තුළින් තෝරාගත් නියෝජිතයින් 05 දෙනෙකු තෝරා පත් කර ගැනීම සිදු වේ.
    විවිධ වින්දිතයන්ට ලක් වූ විශේෂ අවශ්‍යතා සහිත වූවන් වෙනුවෙන් අධිකරණ තුළ අදහස් ප්‍රකාශ කිරීම සඳහා නීත්‍යානුකූල නිලධාරින් තිදෙනෙකු දිස්ත්‍රික්ක 03 සඳහා තෝරා පත් කර ගැනීමටද නියමිතය. 
     
    එමෙන් ම නීත්‍යානුකූලව හිමි වූ අයිති ප්‍රකාරව රාජ්‍ය ආයතන තුළට විශේෂ අවශ්‍යතා සහිත වූවන්ට ප්‍රවිශ්ඨ වීමට සුදුසු ප්‍රවිශ්ඨ මාර්ගයක් දකුණු පළාතේ සෑම රාජ්‍ය ආයතනයක් තුළම ස්ථාපිත කිරීම ද මේ යටතේ සිදු කෙරෙනු ඇත.
     
    විශේෂ අවශ්‍යතා සහිත වූවන් වෙනුවෙන් සැකසුණ සංගීත කණ්ඩායම යාවත් කාලීන කිරීම සහ ගාල්ල කලෙයිගානේ පිහිටා ඇති විශේෂ අවශ්‍යතා සහිත වූවන් වෙනුවෙන් ඉදි කෙරුනු මධ්‍යස්ථානය නවීකරණය කිරීමටද නියමිතය.
     
     
    AP/DMU-Galle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya