නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිනුම් හා ප්‍රමිති සේවා ඒකකයට රුපියල් මිලියන 3.2ක ආදායමක්

    ජූලි 21, 2015
    කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මිනුම් හා ප්‍රමිති සේවා ඒකකයට 2015 වසරේ දෙවන කාර්තුවේ දී රුපියල් මිලියන 3.2ක පමණ ආදායමක් උපයා ගැනීමට හැකි වී ඇතැයි කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි. වෙනත් වර්ෂවලට වඩා මෙවර රුපියල් ලක්ෂ 8ක් පමණ වැඩි වී ඇත.
     
    කොළඹ දිස්ත්‍රික් ලේකම් එච්.ටී. කමල් පද්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සමුළුවේ දී මේ බව අනාවරණය විය.
     
    ඉකුත් වූ තුන්මස තුළ දී කොළඹ දිස්ත්‍රික්කය තුළ පරීක්ෂණයට භාජනය කළ වෙළෙඳුන් සංඛ්‍යාව 3,162ක් වන අතර වැටලීම් සංඛ්‍යාව 445කි. මින් උසාවිගත කර ලබාගත් දඩ මුදල රුපියල් 14,000කි. මෙයට අමතර ව වෙළෙඳුන් දැනුවත් කිරීමේ වැඩසටහන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් 15ක් පවත්වා ඇති බවද දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya