නිවර්තන පලතුරු සඳහා වූ ජාත්‍යන්තර ජාලය නම් වූ සංවිධානය එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අනුග්‍රහය මත සැකසුනු කලාපීය සංවර්ධන ජාලයක් වන අතර එහි සාමාජිකත්වය දරන රටවල් ගණන 13කි. ශ්‍රී ලංකාවේ පලතුරු පරිභෝජන මට්ටම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශිත මට්ටමට වඩා ඉතා අඩු අගයක් ගන්නා බැවින් පලතුරු බෝග ප්‍රවර්ධනයේදී ජාත්‍යන්තර වශයෙන් තාක්ෂණය හුවමාරු කර ගැනීම කාලීන අවශ්‍යතාවකි.
මේ ජාත්‍යන්තර ජාලයේ ප්‍රධාන අරමුණු අතර ජාන ප්ලාස්ම සංරක්ෂණය හා පර්යේෂණ කටයුතු, ජාත්‍යන්තර වෙළෙඳාම ව්‍යාප්ත කිරීම සඳහා පහසුකරණය, මානව සම්පත් සංරක්ෂණය, පෝෂණ අගය පිළිබඳ පාරිභෝගික දැනුම වැඩි කිරීම ප්‍රධාන වේ. මීට අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා අනුමැතිය ද හිමි වී තිබේ.
NDH