ඒ මහතා මේ අදහස් පළකලේ, පෙර පාසල් දරුවන්ගේ පෝෂණ තත්ත්වය නංවාලීම පිළිබදව නිලධාරින් දැනුවත් කිරිමේ වැඩසටහනකට එක්වෙමිනි.
අනවශ්‍ය අවශ්‍යතා පසුපස හඹා යාම හේතුවෙන් ළමා පරපුරේ පෝෂණ මට්ටම පහළ ගොස් ඔවුන් වේගයෙන් ලෙඩරෝග වලට ගොදුරු වේ. නිසා යහපත් පෝෂණයක් පවත්වා ගැනිම සදහා වන උපදේශන පවුල් මට්ටමින් නිසි නියාමනයක් සහිතව ක්‍රියාත්මක කළයුතු යැයි ද දිස්ත්‍රික් ලේකම්වරයා සදහන් කළේ ය.
මෙහිදි අදහස් දැක්වු , පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර මහතා ස්ථිරසාර සංවර්ධනයකට අවශ්‍ය මුලික අඩිතාලම වන්නේ පෝෂණය බවත් පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යංශයේ පෝෂණ සම්බන්ධිකරණ අංශය මගින් මෙම වැඩ සටහන සංවිධානය කරන ලදී.
AP/DMU- Anuradhapura