රජයක් හැටියට අපි ජනතාවගේ අවශ්‍යතා අනුව එක් එක් වැඩපිළිවෙළවල් ආරම්භ කළා. දින 100 වැඩසටහන තුළින් ක‍්‍රියාත්මක කෙරෙන එක් වැඩසටහනකට අද සහභාගි වී සිටින අතර සමෘද්ධිලාභී, අඩු ආදායම්ලාභී පවුල් අතුරින් ආබාධිත අය සිටින පවුල්වලට ඔවුන්ගේ නිවසේ අලුත්වැඩියාවන් වෙනුවෙන් රුපියල් 75000ක ආධාර මුදලක් ලබා දීම මෙම වැඩසටහනේ පරමාර්ථය බව ඔහු පැවසීය.
අද අපේ රටේ ගැබිණි මවකට රුපියල් 20,000ක ආධාර ලබා දෙනවා. අද අපේ රටේ වසරකට දරුවන් ලක්ෂ හතරක් විතර උපදිනවා.මේ ළමයින්ගෙන් පස්දෙනෙකුගෙන් එක් දරුවෙක් උපදින්නේ හෘද රෝග, කායික දුබලතා ඇති දරුවන්. මවට නිසි පෝෂණයක් නොලැබීම නිසා තමයි මේ තත්ත්වය ඇති වී තිබෙන්නේ. ගමේ ආර්ථිකය නංවාලීමට කණ්ඩායම් ක‍්‍රමය යටතේ ණය මුදල් ලබා දෙනවා. ඒ ණය මුදලින් ස්වයංරැකියා ආරම්භ කිරීමටත් කුඩා ව්‍යාපාර දියුණු කර ගැනීමටත් අවස්ථාව ලැබෙනවා යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.
බෙන්තර - ඇල්පිටිය මැතිවරණ කොට්ඨාසයේ ඇල්පිටිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධිලාභී පවුල් අතුරින් තෝරා ගත් පවුල් සඳහා ආධාර මුදල් ප‍්‍රදානය කිරීම වෙනුවෙන් පැවති උත්සවය අමතමින් පසුගියදා ඇමතිවරයා මෙම අදහස් පළ කළේය.
NDH