නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රන්දෙණිගල ජලාශයේ අනවසරයෙන් මසුන් ඇල්ලු පුද්ගලයින් හත්දෙනෙකු අත්අඩංගුවට

    ජූලි 07, 2015

    රන්දෙනිගල ජලාශයේ තහනම් දැල් ආම්පන්න භාවිතා කරමින් අනවසරයෙන් මසුන් ඇල්ලු පුද්ගලයින් හත් දෙනෙකු ඔරුව හා දැල් ආම්පන්න සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ජලජීවී ව්‍යාපෘති නිලධාරී චන්දන ජගත් කුමාර මහතා පවසයි.

     
    තහනම් දැල් ආම්පන්න භාවිතා කරමින් දිගින් දිගටම සිදුවන අනවසර මසුන් ඇල්ලීම සම්බන්ධයෙන් ධිවර සමිති ඉදිරිපත් කල පැමිණිලි මත නුවරඑළිය දිස්ත්‍රික් ජලජීවී ව්‍යාප්ති නිලධාරි කාර්යාලය හා වලපනේ පොලිසීය එක්ව මෙම වැටලීම සිදු කර ඇත.
     
     
    මෙහිදී තහනම් තන්ගුස් දැල් භාවිත කරමින් මසුන් ඇල්ලු පුද්ගලයින් 4 දෙනෙක්, තහනම් දැල් 4 ක්, ඔරුවක්, බිලිපිති මාර්ගයෙන්  අනවසරයෙන් මසුන් ඇල්ලු පුද්ගලයින් දෙදෙනෙක්, තහනම් දැල් ලග තබාගත්  පුද්ගලයෙක්  අත්අඩංගුවට ගෙන ඇත.
     
     
    තහනම් දැල් ආම්පන්න භාවිතා කර මසුන් ඇල්ලීමේදී ජලාශයේ මත්ස්‍ය සම්පත විනාශ වී යන බවද ජගත් කුමාර මහතා පවසයි.
     
     
    AP/DMU- Nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya