නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තරුණ හුවමාරු වැඩසටහන යටතේ ඉන්දියාවෙන් තරුණ නියෝජිත පිරිසක් ශ‍්‍රී ලංකාවට

    ජූලි 07, 2015
    පොදු රාජ්‍ය මණ්ඩලයීය තරුණ හුවමාරු වැඩසටහන යටතේ ඉන්දියාව නියෝජනය කරමින් තරුණ තරුණියන් 20 දෙනෙකු පසුගිය දා ශ‍්‍රී ලංකාවට පැමිණියේය. 
     
    ඔවුන් දින 07ක කාලයක් ශී‍්‍ර ලංකාවේ සංචාරය කිරීමට නියමිත අතර ලංකාවේ දේශපාලනික තත්ත්වය පිළිබඳ අධ්‍යයනයන කිරීමටත්, පාර්ලිමේන්තුව නැරඹීමටත් නියමිත අතර ලංකාවේ සංස්කෘතික හා ඓතිහාසික වටිනාකම් සහිත ස්ථානයන්හි සංචාරය කිරීමට ද නියමිතය.
     
    දෙරටේ තරුණ ප‍්‍රජාවගේ අදහස් හා දැනුම හුවමාරු කරගැනීමත්, තාරුණ්‍යයට බලපාන විවිධ විෂයන් යටතේ තොරතුරු පිළිබඳ සාකච්ඡා කිරීමත්, තරුණ ප‍්‍රජාවට ඉදිරියේ දී මුහුණදීමට සිදුවන අභියෝගයන් පිළිබඳ සාකච්ඡා කිරීමත් තරුණ හුවමාරු වැඩසටහනෙහි අරමුණයි.
     
    ඉන්දියානු තරුණ පිරිස 13 දා ඉන්දියාව බලා පිටත්ව යන අතර එළඹෙන අගෝස්තු හා සැප්තැම්බර් මාස තුළ ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් තරුණ නියෝජිත කණ්ඩායමක් ද ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya