වෘත්තීය ඡායාරූප කරණය,වීඩියෝ කැමරාකරණය ,රූපවාහිණි වැඩ සටහන් නිෂ්පාදනය, ප්‍රවෘත්ති ඉදිරිපත් කිරිම, වාර්තාකරණය,හා සිනමාකරණය යන ක්ෂේත්‍ර පිළිබඳව ගැඹුරින් හදුන්වා දීම මෙහිදී සිදු කෙරේ.
තවද ඒ ආශ්‍රිත දෙස් විදෙස් රැකියා අවස්ථා පිළිබඳ හදුන්වා දීමක් හා ඒ සඳහා යොමු කිරීමේ වෘත්තිය මග පෙන්විමක්ද සිදු කිරිමට නියමිතය. එසේම මෙම ක්ෂේත්‍ර ආශ්‍රිත ස්වයං රැකියා පවත්වාගෙන යාමට කැමැත්තක් දක්වන අය සඳහා අවශ්‍ය ව්‍යාපාරික කලමනාකරණ දැනුමද මෙහිදි ලබා දීමට අපේක්ෂා කරයි.
මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව යටතේ රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මහජන රැකියා සේවා මධ්‍යස්ථානය මගින් මෙම වැඩ සටහන සංවිධානය කර ඇත.
AP/DMU- Rarnapura