නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පැරිෂුට් ක්‍රමය හා යාන්ත්‍රික පැළ සිටුවන භාවිතය ප්‍රචලිත කිරීම

    ජූනි 29, 2015
    ගොවියෝ  තම ජීවිතත් අවධානමට ලක් කරගෙන පහසුව තකා වල්නාශක භාවිත කරන නිසා ග්ලයිෆොසෙට් ලංකාවට ගෙන්වීම තහනම් කරනු ලැබූ බවත් ඒ තීන්දුව අමාරුවෙන් හරි ගනු ලැබුවේ මේ රටේ ජනතාවගේ ජීවිත වගේම අනාගත පරපුරේ ජීවිත බේරාගන්න බවත් කෘෂිකර්ම අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, පසුගියදා වී වගාව ස්ථාපනය කිරීමට තවාන් තැටි භාවිතයෙන් පැරිෂුට් ක්‍රමය හා යාන්ත්‍රික පැළ සිටුවන භාවිතය ප්‍රචලිත කිරීම පිළිබද හොරොව්පොතාන ප්‍රදේශයේ ගොවීන් දැනුවත් කිරීමේ හමුවක් අමතමින්ය. හොරොව්පොතාන, ටික්කම්පතාන වෙල් යායේදී මෙම දැනුවත් කිරීම සිදු කෙරිණි. 
     
    මෙහිදී නව යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් ගොවිතැන සාර්ථකව සිදු කරන ආකාරය සම්බන්ධයෙන් ප්‍රායෝගිකව ගොවීන් දැනුවත් කිරීමට ද කටයුතු කෙරිණි.
     
    NDH

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya