නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හම්බන්තොට දැනුම් කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ ඉලක්කයක්

    ජූනි 29, 2015
    හම්බන්තොට දිස්ත්‍රික්කය දැනුමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ ඉලක්කයක් වත්මන් රජය සතුව පවතින බව නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ තිස්සමහාරාම මැතිවරණ කොට්ඨාසයේ දෙබරවැව මැණික් රජමහා විහාරස්ථානයේ පැවැති ඉඩම් බලපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.
     
    "සෑම ප්‍රාදේශීය සභා සහ නගර සභා බල ප්‍රදේශයකින් ම තරුණ තරුණියන් 500බැගින් තෝරාගෙන සාධාරණ ක්‍රමවේදයක් යටතේ යොවුන් ගම්මාන 14ක් ස්ථානය කිරීමට ද කටයුතු කෙරේ. ඒ යටතේ තරුණ තරුණියන් 7000කට ඉඩම් කට්ටි ලබාදීමට අපේක්ෂිතය". 
     
    හම්බන්තොට දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි ඉඩම් කච්චේරි ආරම්භ කොට ඇති බවත් ඒ හරහා කිසිදු භේදයකින් තොරව පවුලේ වාර්ෂික ආදායම රුපියල් 144,000කට අඩු, කුලී නිවසක හෝ තමන්ගේ යැයි කිවහැකි භූමි භාගයක් නැති සියලු පවුල්වලට මේ වසර අවසන්වීමට පෙර තමන්ගේම යැයි කිව හැකි භූමිභාගයක් හිමිකරදීමට අරමුණ බවත් පෙන්වා දෙන නිවාස හා සමෘද්ධි අමාත්‍යවරයා ඉඩම් කච්චේරි මගින් ඉඩම් හිමිකම් නොමැති දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේවකයන් වෙනුවෙනුත් ඉඩම් කට්ටි 2000ක් පවරාදීමට කටයුතු කරන බවත් ප්‍රකාශ කරයි.
     
    "අමාත්‍යංශ ප්‍රතිපාදන රුපියල් ලක්ෂ 900ක් වැය කරමින් දිස්ත්‍රික්කයේ පාසල් ගොඩනැගිලි ඉදිකෙරෙනවා. යෝධකණ්ඩිය දේවානන්ද විද්‍යාලයේ රංග ශාලාව ඉදිකිරීමට රුපියල් ලක්ෂ 200ක් වෙන් කර තිබෙනවා. සෑම ග්‍රාම නිලධාරී වසමකම සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10බැගින් වෙන් කර දැනටමත් ඒ මුදල් දිසාපතිවරයා වෙත යොමු කර තිබේ. ආසියානු සංවර්ධන බැංකුවේ ණය වැඩසටහන යටතේ පළමුවරට රුපියල් ලක්ෂ 35,480ක වියදමින් මාර්ග 51ක් කාපට් අතුරා සංවර්ධනය කිරීම මේ වන විටත් ආරම්භ කොට ඇත". 
     
    "හම්බන්තොට දිස්ත්‍රික්කයේ දහම් පාසල් 429ටම අමාත්‍යංශය යටතේ රුපියල් ලක්ෂය බැගින් පරිත්‍යාග කරනවා. දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන 763ටම ඒවාට ආදාළ කෘෂිකර්ම සංවර්ධන වැඩකටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂය බැගින් ලබාදෙනවා. දිස්ත්‍රික්කයේ ඇති කරදිය සහ මිරිදිය සමුපකාර සමිති 112ටම රුපියල් ලක්ෂය බැගින් ලබාදෙනවා. දිස්ත්‍රික්කයේ ලියාපදිංචි පෙර පාසල් 580ටම ඒවායේ සංවර්ධනය වෙනුවෙන් රුපියල් 50,000 බැගින් ලබාදෙනවා". 
     
    ඉදිරි දෙවසරක කාලය තුළ මේ වැඩපිළිවෙළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කොට සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම තොරතුරු තාක්ෂණ කලාපය බැගින් ආරම්භ කොට උසස් පෙළ, සාමාන්‍ය පෙළ සමත් වී රැකියා නොමැතිව සිටින තරුණ තරුණියන් වෙනුවෙන් රැකියා බිහිකරන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya