නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ දිස්ත්‍රික් සාහිත්‍ය සංසදයෙන් මාතලේ නිර්මාණකරුවන් සදහා නිර්මාණ තරගාවලියක්

    ජූනි 04, 2015
     
    2015 සාහිත්‍ය මාසයට සමගාමීව මාතලේ දිස්ත්‍රීක් සාහිත්‍ය කලා සංසදය මගින් දිස්ත්‍රික්කයේ 
    ආධුනික  නිර්මාණ කරුවන් සදහා සාහිත්‍ය නිර්මාණ තරගාවලියක් පැවැත්වීමට කටයුතු යොදා 
    තිබෙන බව එම සංසදයේ සභාපති ගාමිණි නිශාන්ත කරුණාරත්න මහතා සදහන් කරයි.
    ඒ අනුව මාතලේ දිස්ත්‍රික්කයේ පදංචි ඕනෑම ආධුනික නිර්මාණකරුවෙකුට මේ සදහා ඉදිරිපත් විය 
    හැකිය. නිර්මාණ තරගාවලිය පද්‍ය නිර්මාණ, කෙටිකතා සහ ගීත නිර්මාණ වශයෙන් අංශ තුනක් යටතේ පැවැත්වෙන අතර ඉදිරිපත් කරන නිර්මාණ මීට පෙර ප්‍රකාශයට පත් නොවූ ඒවා විය යුතුය. පද්‍ය නිර්මාණ සදැස්, නිසදැස් ආකෘති දෙකෙන්ම ඉදිරිපත් කළහැකි අතර සදැස් පද්‍ය  10 කට 
    නොවැඩිවිය යුතු අතර නිසදැස් පද්‍ය පේලී  40 නොඉක්ම විය යුතුය. කෙටි කතා නිර්මාණ  වචන 
    2000 නොඉක්ම විය යුතු අතර ගීත නිර්මාණ ගීතයට නැන්විය හැකි සුගායනීය පද රචනාවන්ගෙන් 
    සමන්විය යුතුය. 
     
    නිර්මාණකරුවාට අභිමත තේමාවක් යටතේ නිර්මාණ යොමු කළහැකි අතර සෑම නිර්මාණයක්ම 
    කඩදාසියේ එක් පැත්තක පරිගණක ගතකොට හෝ පැහැදිලි අත් අකුරින් ලියා එවිය යුතුය. 
     
    නිර්මාණය තමන්ගේ ස්ව නිර්මාණයක් බව නිර්මාණකරුවා විසින්ම තහවුරු කළ යුතු අතර මීට 
    පෙර ප්‍රකාශයට පත්ව ඇති  බව  හෝ වෙනත් අයෙකුගේ නිර්මාණයක් බව හෙළිවුහොත් එම 
    නිර්මාණ තරගයෙන් ඉවත් කෙරේ. ජයග්‍රාහකයින් සදහා සාහිත්‍ය මාසය තුළ පැවැත්වෙන 
    නිර්මාණ වැඩමුළුවකදි වටිනා ත්‍යග සහ සහතික පත් පිරිනෑමේ. 
     
    මෙම වැඩමුලුවේදී තරගය සදහා ඉදිරිපත් කොට ඇති නිර්මාණ පිළිබද විමසුමක්ද සිදු කෙරේ.        ගරු ලේකම් , මාතලේ දිස්ත්‍රික් සාහිත්‍ය කලා සංසදය, සංස්කෘතික මධ්‍යස්ථානය ,මාතලේ යන 
     ලිපිනයට  2015  අගොස්තු 20 දාට පෙර නිර්මාණ යොමු කළ යුතුය. සාහිත්‍ය කලා සංසදයේ 
     සමාජිකයින්ට මෙම තරගය සදහා ඉදිරිපත් විය නොහැකිය.
    AP/NK - Matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya